පාසල් ළමුන් සඳහා නිල ඇඳුම් වවුචර බෙදාදීම ලබන සතියේ සිට අරඹනවා -අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

මුද්‍රණය

thursten
ලබන වසරේ පාසල් දරුවන් සඳහා ලබා දෙන නිල ඇඳුම් වවුචර පාසල් මට්ටමින් බෙදාහැරීම සඳහා වන කටයුතු ලබන සතියේ සිට අරඹන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ඊයේ (03) කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අධ්‍යාපන අමාත්‍යවරයා, දූෂණ අක‍්‍රමිකතා තුරන් කරමින් කවර අභියෝග පැමිණිය ද, අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් නොබියව තීන්දු තීරණ ගන්නා බව ද සඳහන් කළා.

පන්ති කාමරවල සිටින සිසුන් ප‍්‍රමාණයන් පිළිබඳව ද අදහස් දැක්වූ අමාත්‍යවරයා, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කිරීම වෙනුවෙන් පන්ති කාමරවල සිටින දරුවන් ප‍්‍රමාණයන් 35 හෝ 40 මට්ටමට රැුගෙන ඒමට කටයුතු කිරීම තම අරමුණ බව ද සඳහන් කළා. ඒ වෙනුවෙන් පාසල්වල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා "ළඟම පාසල හොඳම පාසල” නමින් විශේෂ වැඩසටහනක් දියත් කර ඇති බව ද සිහිපත් කළ අමාත්‍යවරයා සෑම දරුවෙකුටම තම නිවසට ආසන්නයේ ම පිහිටි පාසල හොඳම පාසල බවට පත් කර දීමට පියවර ගන්නා බව ද සඳහන් කළා.