“සෙනෙහසක තොටුපොළ” ඔක්තෝබර් 28 වෙනිදා අධ්‍යාපන අමාත්‍යතුමන්ගේ සුරතින් ජනතා අයිතියට

මුද්‍රණය

14800106 1251200918288711 1361566666 oදිවයින පුරා පාසල් සිසු දරුවන් සහ ගුරුවරුන් එක්ව, සිය කැපවීමෙන් හා සාමූහිකත්වයෙන් “සෙනෙහසේ තොටුපොළ” ලෙස ගොඩනගන ලද, අලිමංකඩ දුම්රිය ස්ථානය එළඹෙන ඔක්තෝබර් 28 වන සිකුරාදා ජනතා අයිතියට පත්කිරීමට නියමිතයි.

තිස් වසරක යුද ගිනිදැල් මැද කැඩිබිඳී ගිය දුම්රිය නැවතුම පමණක් නොව උතුරු දකුණු සහෝදරත්වයේ හදවත් ද සෙනෙහසින් යා කෙරෙන වැඩසටහනක් ලෙස මෙය ජාතියට දායාද කිරීමට සැලසුම් කර තිබේ.

දිවයිනේ සෑම පළාතක් ම ආවරණය කරමින්, පාසල් දරුවන් සති දෙකක් පුරා තම එදිනෙදා වියදම් වෙනුවෙන් මව්පියන් විසින් ලබාදුන් මුදලින් දිනකට රුපියල් දෙක බැගින් එක්රැස් කොට අලිමංකඩ දුම්රිය ස්ථානය ගොඩනැගීම සඳහා පරිත්‍යාග කර ඇත. ගුරුවරුන් ද රුපියල් දහය බැගින් පරිත්‍යාග කරමින් මීට දායක වී තිබේ. දුම්රිය ස්ථානය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 22 කට අධික මුදලක් වැය වී ඇති අතර පරිත්‍යාග මගින් එක්රැස් වූ මුදල් වලට අමතරව ඉතිරි මුදල් අධ්‍යාපන අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ ලබා දී ඇත. දුම්රිය ස්ථානය ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලැබුවේ ශ්‍රී ලංකා යුද හමුදාව විසිනි.

සමාජ සංහිඳියාව, සහෝදරත්වය, ආදරය, සෙනෙහස දරුවන් තුළ පමණක් නොව වැඩිහිටියන්ගේ හදවත් තුළ ද පුරවාලමින් එළඹෙන ඔක්තෝබර් 28 වෙනිදා පෙරවරු 11.58 ට යෙදෙන සුබ මොහොතින් “සෙනෙහසක තොටුපොළ” නම් වූ අලිමංකඩ දුම්රිය ස්ථානය ජනතා අයිතියට පත්කෙරෙන්නේ, අනුරාධපුරයේ සිට පාසල් දරුවන් රැගෙන පැමිණෙන දුම්රිය සහ යාපනයේ සිට පාසල් දරුවන් රැගෙන පැමිණෙන දුම්රිය අලිමංකඩ දුම්රිය ස්ථානයේ නතර කිරීමෙන් අනතුරුවයි.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ සංකල්පයක් අනුව, පාසල් දරුවන් තුළ සාමය, සංහිඳියාව, සහෝදරත්වය ඔප් නැංවෙන අයුරින් ආරම්භක උත්සවය සංවිධානය කිරීමට සැලසුම්කර තිබේ.

මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සමග උතුරු පළාත් සභාවේ මැති ඇමතිවරුන් හා නිලධාරීන් සහභාගිවීමට නියමිතයි.