ත්‍රෛභාෂා දෙවැනි මිශ්‍ර පාසලට මුල්ගල් තැබිම අගමැති ප්‍රධානත්වයෙන් හෙට.....

මුද්‍රණය

ළගම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් මීරිගම ප්‍රෙද්ශයේ අලුතින් ඉදි කෙරෙන ශ්‍රී ලංකාවේ ත්‍රෛභාෂා අධ්‍යාපනය සහිත දෙවන මශ්‍ර පාසලට මුල්ගල තැබීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (20) සිදුකෙරේ.
කථානායක කරු ජයසූරිය මහතාගේ ඉල්ලීම මත ඉදිකෙරෙන මේ පාසල නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩි.එස් සේනානායක මැතිදුන්ට ගෞරවයක් ලෙස දොන් ස්ටීවන් විද්‍යාලය නමින් නම් කෙරේ.මේ සඳහා ආයේජනය කරන මුදල රුපියල් මිලියන 1,141කි.
අක්කර 12ක භූමි භාගයක ඉදිවන මේ පාසල 2020දී සිසු අයිතියට පැවරිමට යෝජිතය.