ඔක්තෝම්බර් අල්ලසට දූෂණයට එරෙහි මාසය ලෙස නම් කෙරේ

මුද්‍රණය

supili
ළමා කාලයේ සිටම දූෂණයට වංචාවට එරෙහිව දරුවන් සන්නද්ධ කිරීමේ වගකීම පැවරී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

"සුපිළිපන්න සමාජයක් ගොඩනගමු" මැයෙන් අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ අධ්‍යාපන අමාත්‍යංශය එක්ව සංවිධානය කල, එක්ව අල්ලස් හා දූෂණයෙන් තොර සුපසන් ශ්‍රී ලංකාවක් සඳහා ළමා පරපුර දැණුවත් කිරීමේ වැඩසටහන අද බන්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රන ශාලාවේදී පැවැත්විණි. එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඒ අනුව ඔක්තෝම්බර් මාසය අල්ලසට දූෂණයට එරෙහි මාසය ලෙස නම් කර එය සියලුම පාසල් දැනුවත් කර තිබෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන් අමාත්‍යවරයා මෙහිදී පාසල් මට්ටමින් වැඩසටහන් රැසක් කිරීමට කටයුතු කර තිබෙන බව ද සඳහන් කළේය.