බේද අතහැර පෙරට නොපැමිණියොත් 'බුවනෙකබා රාජ සභා මණ්ඩපයට කළ දේ ' කුරුණෑගලට සියලු උරුමයන්ට කරනු නිසැකයි

මුද්‍රණය
ජාතී බේද, ආගම් බේද අතහැර අප අපේ උරුමයන් ආරක්ෂාකිරීමට අන් කවරදාටත් වඩා පෙරට පැමිණිය යුතු යුගයක් උදාවෙමින් ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. ජනතාව එසේ අවදිව නොසිටියහොත් පවතින රාජපක්ෂ රෙජීමය බුවනෙකබා රාජ සභා මණ්ඩපයට කල දේ කුරුණෑගල සියලු උරුමයන් වෙත සිදුකරන බවයි ඔහු පෙන්වා දුන්නේ. දොඩම්ගස්ලන්ද ආසනයේ එ.ජා.ප. විශේෂ ක්‍රියාකාරීන්ගේ හමුවක් අමතමින් හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.