ගුරු සහයකයින්ටත් අධ්‍යාපන ඇමතිගෙන් සහනයක්... ගුරු සහයක දීමනාව රු.10,000 දක්වා ඉහලට

මුද්‍රණය

වතු පාසල් සහ දිවයිනේ වෙනත් පාසල් වල සේවයේ නිරත ගුරු සහයකයින්ට රජය විසින් ලබාදුන් රු.6000 ක දීමනාව රු.10000 දක්වා ඉහල නැංවීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් කරන ලද ඉල්ලිමක ප්‍රතිථලයක් ලෙසයි.

ගුරු සහයකයින් විසින් සිදුකල ඉල්ලීම් මෙන්ම පවත්නා ජීවන වියදමද සැලකිල්ලට ගනිමින් අමාත්‍ය වරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත යොමුකළ පත්‍රිකාවකට ලද අනුමැතියට අනුව මෙම දීමනාව වැඩිකිරීම සිදුකර ඇති අතර එය 2017 වසරේ පෙබරවාරි මස 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි ගුරු සහයකයින් වෙත ලබාදීමට තීරණය වී තිබෙනවා.