අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා හමුවීම සඳහා හිටපු අධ්‍යාපන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍යාංශයට

මුද්‍රණය

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා හමුවීම සදහා හිටපු අධ්‍යාපන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (18) උදෑසන අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණියා. ඒ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පවතින ගැටලු කිහිපයක් සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීම සඳහායි. මෙම ගැටලු වලට පිළියම් යෙදීම සඳහා වහාම ක්‍රියාත්මකවන ලෙස මෙහිදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

මෙම අවස්ථාවේදී අධ්‍යාපන පද්ධතියේ සිදු කරනු ලබන ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ සම්බන්ධව ද හිටපු අමාත්‍යවරයා හා වර්තමාන අමාත්‍යවරයා අතර කෙටි අදහස් හුවමාරුවක් සිදු වූ අතර අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන පද්ධතියේ සාධනීය වෙනස්කම් ඇතිකිරීම සදහා ගනු ලබන සෘජු තීරණ හිටපු අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්වීම ද විශේෂත්වයක්.