ජාතික සහ පළාත් මට්ටමින් අධ්‍යාපන පරිපාලනය ප්‍රතිව්‍යුහගත කිරීමට සැලසුම්

මුද්‍රණය

ජාතික සහ පළාත් මට්ටමින් අධ්‍යාපන පරිපාලනය ප්‍රතිව්‍යුහගත කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.මේ වනවිට ශ්‍රී ලංකාව තුළ කලාප අධ්‍යාපන කාර්යයාල 98 ක් ක්‍රියාත්මක වන අතර ඇතැම් කලාප අධ්‍යාපන කාර්යයාල හරහා පාසල් විශාල සංඛ්‍යාවක් පාලනය කිරීමට සිදුවීමෙන් පරිපාලනය ගැටළු රැසක් මතුව ඇති බවයි වාර්තාවන්නේ.

මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් කලාප අධ්‍යාපන කාර්යයාල සහ ඒවායේ කාර්ය භාරය පිළිබද පුළුල් අධ්‍යයනයක් සිදුකොට පාසල් පරිපාලනය ප්‍රශස්ත සහ ක්‍රමවත් කිරීම සදහා යන්ත්‍රණයක් සැකසීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව කලාප අධ්‍යාපන කාර්යාල ප්‍රමාණය අවශ්‍යතව අනුව 98 සිට 150 – 200 ත් අත‍ර සංඛ්‍යාවක් දක්වා වැඩි කිරීමට මෙන්ම කොට්ඨාශ කාර්යාල අවලංගු කිරීමට ද සැලසුම් කර තිබෙනවා.