මූලික පිරිවෙන් පෙළපොත් යාවත්කාලීන කොට කඩිනමින් සම්පාදනය කිරීමට පියවර

මුද්‍රණය

මූලික පිරිවෙන්වල දැනට භාවිතා කරන පෙළපොත් 1994 වසරේ සම්පාදනය කරනු ලැබ ඇති අතර එම පොත් යාවත්කාලීන කිරීමක් මෙතෙක් සිදු වී නැහැ. මේ පිළිබඳ අවධානය යොමුකරමින් පිරිවෙන් පෙළපොත් යාවත්කාලීන කොට කඩිනමින් ඒවා සිසුන්ට ලබාදීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත පියවර ගෙන තිබෙනවා.

දිවයින පුරා පිරිවෙන් 754 ක ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා සහ ගිහි ශිෂ්‍යයන් 60,000 ක් පමණ අධ්‍යාපනය හදාරන අතර, මෙතෙක් මූලික පිරිවෙන් පෙළපොත් යාවත්කාලීන නොවී තිබීම හේතුවෙන් දැනුම කාලානුරූපව යාවත්කාලීන නොවීමේ අභියෝගයට පිරිවෙන් අධ්‍යාපනය ලක්වීමේ අවදානමක් ද මතුවෙමින් තිබුණා. මේ අනුව පිරිවෙන්වල 1 – 5 දක්වා ශ්‍රේණිවලට අදාළ සියලු ම විෂයයන්වල පිරිවෙන් පෙළපොත් යාවත්කාලීන කිරීමේ කටයුතු පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ මහාචාර්ය පූජ්‍ය නාබිරිත්තන්කඩවල ඥානරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදුකෙරෙනවා. ඒ සදහා වන වැඩමුළුවක් සියලු ම විෂයන්ට අදාළ පෙළපොත් සම්පාදකයින්ගේ හා සංස්කාරකවරුන්ගේ සහභාගිත්වයෙන් 2017.02.06 දින කැළණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ දී පැවැත්වීමට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව හා එක්ව පිරිවෙන් අධ්‍යාපන ශාඛාව කටයුතු යොදා තිබෙනවා.