ජාතික අධ්‍යාපන ආයතනයේ උපාධි ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රදානත්වයෙන්

මුද්‍රණය

ජාතික අධ්‍යාපන ආයතනයේ උපාධි ප්‍රදානෝතසවය ඊයේ (31) සවස බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වෙමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සාධනීය වෙනස්කම් ඇති කිරීම වෙනුවෙන් වර්තමාන රජය ඉදිරි පියවර සම්බන්ධයෙන් විශේෂ දේශනයක් ද සිදු කළා.

ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපන දර්ශනපති, අධ්‍යාපනපති, අධ්‍යාපන කළමනාකරණය පිළිබද විද්‍යාපති හා අධ්‍යාපනවේදී යන පාඨමාලා හැදෑරු 1478 දෙනෙකුට මෙහිදී උපාධි පිරිනැමුනා.

මෙම උත්සවයට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ජයන්ති ගුණසේකර ඇතුළු අධ්‍යාපනඥයින් රැසක් එක්වී සිටියා.