
මෙම සමුළුව හරහා වෙහෙර විහාර සංවර්ධන කටයුතු සහ ධර්මදූත කාර්යයන් සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට සමුළුවට සහභාගිවන තරුණ භික්ෂූන් වහන්සේලා විසින් අවශ්‍ය කටයුතු සිදු කරනු ලබනවා. මෙතෙක් නගරබදව පැවැත්වූ මෙම සමුළුවේ සියලු කටයුතු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ යෝජනාවක් අනුව මෙවර ගම්බද ප්‍රදේශ ආශ්‍රිතව පැවැත්වීමට ද තීරණය කිරීම විශේෂත්වයක්. ඒ අනුව සමුළුවේ සමාප්ති උත්සවය ගලේවෙල මිල්ලවාන මහ විදුහලේ දී ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. මේ නිමිත්තෙන් මිල්ලවාන විදුහල සියලු පහසුකම් සහිතව සංවර්ධනය කිරීමට ද අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. මෙම සාකච්ඡාව සඳහා ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ මහ ලේකම් පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ හිමි, ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ ශ්‍රී ලංකා ජාතික මණ්ඩලයේ උප සභාපති පූජ්‍ය දිසාකඩුවේ සෝමානන්ද හිමි, ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ ශ්‍රී ලංකා ජාතික මණ්ඩලයේ ලේකම් පූජ්‍ය මැණික්හින්නේ ධීරානන්ද හිමි ඇතුළු ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ දිස්ත්‍රික් සංවිධායක ස්වාමීන් වහන්සේ පිරිසක් සහභාගි වුණා.

