කෙටි කලක් තුළ කළ මෙහෙවර අගය කරමින් 'වෙනත් පක්ෂවල තවත් ප්‍රධාන ක්‍රියාකාරීන් රැසක් ' නියෝජ්‍ය මහ ලේකම්වරයා සමග අත්වැල් බැඳ ගනී

මුද්‍රණය

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොදු ජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ක්‍රියාකාරීන් පිරිසක් ඊයේ (07) දිනයේදී එක්සත් ජාතික පක්ෂයට එක්වුණා.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාව යාකරවත්ත සහ ගල්පොල යන ප්‍රදේශවලදී හමුවූ මෙම පිරිස ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයට සිය සහාය දෙන බවයි කියා සිටියේ.

රටේ සංවර්ධනය සඳහා ගෙවී ගිය වසර දෙකහමාරක කාලයේ දී එක්සත් ජාතික පක්ෂය කළ මෙහෙවර අගය කළ ඔවුන් එම ගමනට ශක්තියක් වීම තම අරමුණ බවයි  අවධාරණය කළේ.

පසුගිය මැතිවරණ කාල සීමාවේදී වෙනත් දේශපාලන පක්ෂවල ප්‍රධාන ක්‍රියාකාරීන් රැසක්ම එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සමග අත්වැල් බැඳ ගත්තා.