‘ගම්පෙරළිය’ වැඩසටහන සහ ‘එන්ටර්ප්‍රයිස්’ ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රම ජනතාව අතරට

මුද්‍රණය
ගම්බද ජනතාවත්, ව්‍යවසායක ප්‍රජාවත් නඟාසිටුවන ‘ගම්පෙරළිය’ වැඩසටහන සහ ‘එන්ටර්ප්‍රයිස්’ ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රම වැඩසටහනේ සමාරම්භක අවස්ථාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රීක්කයේ, නිකවැරටිය නගරයෙන් ඊයේ  (15) දින ආරම්භ වුණා.
 
 
කුරුණෑගල දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම හඳුනාගත් කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු අංශ 12ක නවෝදයක් ගම්පෙරළිය ජාතික වැඩසටහනින් ඉලක්ක කොට ඇති අතර ඒ අනුව පළමු වැව ප්‍රතිසංස්කරණය මුඩත්තාව වැවෙන් ආරම්භ වුණා.
 
නව ව්‍යවසායක ප්‍රජාවක් බල ගැන්වීම ඉලක්ක කොට රජය මෙවර අය-වැයෙන් හඳුන්වා දුන් මෙම වැඩසටහන යටතේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම රුපියල් මිලියන 200 බැගින් මහා භාණ්ඩාගාරය මගින් වෙන්කර තිබෙනවා.
මේසා විශාල යටිතල මුදල රජය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ලබාදෙනුයේ මං මාවත්, ඇළ දොළ, වැව් අමුණු ඇතුළු අනිකුත් යටිතල පහසුකම් නංවාලීම සඳහායි.