"ළගම පාසල - හොඳම පාසල" යටතේ තවත් ව්‍යාපෘති රැසක් දියත් විය (PHOTOS)

මුද්‍රණය

"ළගම පාසල - හොඳම පාසල" වැඩසටහන යටතේ තවත් ව්‍යාපෘතීන් රැසක් ආරම්භ කිරීම සහ අවසන් කර සිසු අයිතියට පත් කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සුරතින් ඊයේ (03)සිදු කෙරුණා.

ඒ යටතේ කුලියාපිටිය සරණංකර මධ්‍ය මහ විද්‍යාලයේ ඉදිකරන ලද තෙමහල් තාක්ෂණික ගොඩනැගිල්ල පෙබරවාරී 03 වන දින ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ සුරතින් සිසු අයිතියට පත්කරන කෙරුණා.

කුලියාපිටිය වීරපොකුණ විජිත මධ්‍ය මහ විද්‍යාලයේ ඉදිකරන ලද ද්වීතීයක කණිෂ්ඨ විද්‍යාගාර ගොඩනැගිල්ල ද එදින ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ සුරතින් සිසු අයිතියට පත් කෙරුණා. ඒ "ළගම පාසල - හොදම පාසල" ව්‍යාපෘතිය යටතේයි.

"ළගම පාසල - හොදම පාසල" ව්‍යාපෘතිය යටතේ කුලියාපිටිය මානෙලෙම්බුව ශී‍්‍ර සාරානන්ද ආදර්ශ මහ විද්‍යාලයේ ඉදිකරන ලද දෙමහල් තාක්ෂණික ගොඩනැගිල්ල ද පෙබරවාරි 03 වන දින ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ සුරතින් සිසු අයිතියට පත් කළා.

පෙබරවාරී 03 වන දින ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ සුරතින් කුලියාපිටිය මුස්ලිම් කණිෂ්ඨ විද්‍යාලයේ දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම සිදු කළා. එම ව්‍යාපෘතියද "ළගම පාසල - හොදම පාසල" වැඩසටහන යටතේ ක්‍රියාත්මක වෙනු ඇති.

(අදාළ ඡායාරූප පිළිවෙලින් පහතින් දැක්වේ)

 


----------------------------------------
 
 


--------------------------------------
 


-----------------------------------