පළමු පාසල් නිවාඩුව අප්‍රේල් 28 තෙක් දීර්ඝ කෙරේ.දෙවැනි පාසල් වාරය අප්‍රේල් 29 වැනි සඳුදායින් ඇරඹෙයි.

මුද්‍රණය

2019 වසරේ පළමු පාසල් වාර නිවාඩුව අප්‍රේල් මස 28 වැනි දින දක්වා දීර්ඝ කර ඇති අතර, ඒ අනුව දෙවැනි පාසල් වාරය සඳහා රජයේ සියලු පාසල් අප්‍රේල් මස 29 වැනි සඳුදා දින විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

මේ අතර, දිවයිනේ සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල ශික්ෂණලාභීන් මේ වනවිටත් නේවාසික ව අධ්‍යයන කටයුතුවල නිරත ව සිටින හෙයින්, ඔවුන් සඳහා වන විභාග කලින් දැනුම් දී ඇති පරිදි අප්‍රේල් මස 26 දින සිට පැවැත්වීමට කටයුතු යොදන ලෙස ද උපදෙස් ලබාදුන් බවයි, අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.