වීඩියෝ ගැලරිය

×

අවවාදයයි

JUser: :_load: 615: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය ඇති කිරීමට බාධා මතුවෙලා’ 2017 02 15

‘ඇතැම් පළාත් සභා දේශපාලන අධිකාරයන් සහ දූෂණ වංචාවන්ට හුරු වූ පුද්ගලයන්ගේ අනවශ්‍ය අතපෙවීම් නිසා අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය ඇති කිරීමට බාධා මතුවෙලා’ - අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා කටයුතු කිරීමේ දී ඇතැම් පළාත් සභා දේශපාලන අධිකාරයන් දූෂණ වංචාවලට හුරුවූ පුද්ගලයන්ගේ අනවශ්‍ය අතපෙවීම් නිසා අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය ඇති කිරීමට බාධා මතුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, අද (15) උදෑසන අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති අධ්‍යාපනයේ ගුණාත්මකබව තහවුරු කිරීමේ ජාතික සමුළුවට එක්වෙමින්. ගුණාත්මකවූත්, ප්‍රමිතිගතවූත් අධ්‍යාපනයක් රටේ සියලු දරුවන්ට ලබාදීමට නිලධාරීන් සියලුදෙනාගේ සහය අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා පාසල් පද්ධතියේ ගුණාත්මක සංවර්ධනයක් ඇති කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ ගෙන ඇති අතර ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ පාසල්වලට අවශ්‍ය භෞතික හා මානව සම්පත් සංවර්ධනයට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දී ඇති බවත් පැවසුවා. මෙම ප්‍රතිලාභ පාසල් වෙත හා සිසු දරුවන් වෙත ලබාදීම සඳහා එක් එක් විෂයභාර නිලධාරීන් කාර්යක්ෂමව හා නොබියව තීන්දු තීරණ ගෙන ක්‍රියාත්මක විය යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා. අධ්‍යාපන අමාත්‍යවරයාගේ මඟපෙන්වීම මත අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගුණාත්මක අධ්‍යාපනයක් ස්ථාපිත කිරීම සඳහා විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය හඳුන්වා දී ඇති අපේ පාසල කොතරම් ගුණාත්මකද? යන මාර්ගෝපදේශයට අනුව සියලුම පාසල්වල අභ්‍යන්තර හා බාහිර ඇගයීම් සිදු කරනු ලබනවා. මෙහිදී ශිෂ්‍ය සාධනය, ඉගෙනුම ඉගැන්වීම හා ඇගයීම, විධිමත් විෂයමාලා කළමනාකරණය, විෂය සමගාමී කටයුතු, ශිෂ්‍ය සුබසාධනය, භෞතික සම්පත් කළමනාකරණය, පාසල හා ප්‍රජාව යන ක්ෂේත්‍ර 08 ක් ඔස්සේ ඇගයීමට ලක් කර පාසල් අධ්‍යාපන ගුණාත්මක දර්ශකය ගණනය කරනු ලබනවා. 2016 වර්ෂයේ දී පාසල් 6,003 ක් බාහිරව ඇගයීමට ලක් කර ඇති අතර, පාසල් 7,745 ක් අභ්‍යන්තර ඇගයීමට ලක් කර තිබෙනවා. මෙහිදී අධ්‍යාපනයේ ගුණාත්මක තහවුරුව සම්බන්ධ වාර්ෂික වාර්තාව එළිදැක්වීම ද සිදු වූ අතර මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය ආමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් එස්.යූ. විජේරත්න යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, පළාත් හා කලාප ප්‍රමිති සම්බන්ධීකරණ නිලධාරීන් පිරිසක් සහභාගි වුණා.
Category: Video Gallery | Created by: | Hits: 13732

Search