වීඩියෝ ගැලරිය

×

අවවාදයයි

JUser: :_load: 615: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

පළාත් අධ්‍යාපන නිලධාරීන්ගේ ක්‍රියාකලාප ගැන අධ්‍යාපන අමාත්‍යවරයා නොසතුටින්

ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා පාසල් 7,000 ක් සංවර්ධනය කිරීමට තෝරාගෙන තිබුණ ද ඇතැම් පළාත් සභා දේශපාලන බලවතුන්ගේ හා ඇතැම් පළාත් අධ්‍යාපන නිලධාරීන්ගේ දුර්වල ක්‍රියාකලාප හේතුවෙන් මෙතෙක් වැඩ ආරම්භ නොකළ ව්‍යාපෘති ද ඇති බවත් ඔවුන්ගේ එම ක්‍රියාකලාප සම්බන්ධව තම බලවත් අප්‍රසාදය ප්‍රකාශ කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා. අමාත්‍යවරයා මේ අදහස් ප්‍රකාශ කළේ පඬුවස්නුවර ජාතික පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස පසුගිය (17) දා පැවති උත්සවයට එක්වෙමින්. සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ හැකි විගස ලබාගැනීම ජනතා අපේක්ෂාව බව පෙන්වා දුන් අමාත්‍යවරයා දේශපාලන බලධාරීන් හා රාජ්‍ය නිලධාරීන් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන එම සංවර්ධන ව්‍යාපෘති කාර්යක්ෂමව හා ඵලදායිව ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින බව ද අවධාරණය කළා. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ මේ වන විට දිවයින පුරා පිහිටි තෝරා ගත් පාසල් වල වැඩ විෂයන් 18,500 ක් පමණ ක්‍රියාත්මකයි. මෙරට ඉතිහාසය තුළ එකවර පාසල් 7,000 කට ආසන්න ප්‍රමාණයක් සංවර්ධනය කරමින් ආරම්භ කරන ලද විශාලතම ව්‍යාපෘතිය වන්නේ ද මෙයයි.
Category: Video Gallery | Created by: | Hits: 5037

Search