සිසු දරුවන්ට තමන්ගේ ජීවිතය සාර්ථක කරගැනීමට යා හැකි මාර්ග රැසක් විවෘතව පවතින
විභාගයෙන් තමන් අපේක්ෂා කළ ප්‍රතිඵල නොලැබීම නිසා ජීවිතය හානි කරගන්නවාට වඩා සිසු දරුවන්ට තමන්ගේ ජීවිතය සාර්ථක කරගැනීමට යා හැකි මාර්ග රැසක් විවෘතව පවතින බවත් ඒ සඳහා ඔවුන් දැනුවත් කිරීමට දෙමාපියන් හා ගුරුවරුන් කටයුතු කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා. අමාත්‍යවරයා මේ අදහස් ප්‍රකාශ කළේ ඊයේ (29) සවස අපේ ගම පරිශ්‍රයේ දී පැවති ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපන සංචාරයක නිරත වූ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් එම අධ්‍යාපන සංචාරයේ ලද අත්දැකීම් අමාත්‍යවරයා හමුවේ හුවමාරු කරගැනීමට සංවිධානය කර තිබූ සාකච්ඡාවකට එක්වෙමින්.
Category: Video Gallery | Created by: | Hits: 5080