වීඩියෝ ගැලරිය

×

අවවාදයයි

JUser: :_load: 615: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

විපතට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීමට පියවර ගැනීමත් රජයේ වගකීමයි.

හදිසියේ ඇතිවන ස්වභාවික ආපදා හේතුවෙන් සිදුවන ජීවිත හා දේපල හානි හැකි තරම් අවම කිරීමත් විපතට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීමට පියවර ගැනීමත් රජයේ වගකීමයි. - අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් හදිසියේ ඇතිවන ආපදා හේතුවෙන් සිදුවන ජීවිත හා දේපල හානි ඉහල යාමට හේතුව දිවයින පුරා පිහිටි අනතුරු සහිත කලාප ලෙස හඳුනාගත් ප්‍රදේශවල සහ අවදානම් සහිත ප්‍රදේශවල නිවාස ඉදිකිරීම හා මිනිසුන් පදිංචි වීම වැළක්වීමට නිසි පියවර නොගැනීම බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (01) උදෑසන සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්. පසුගිය රජය සමයේ මෙවැනි පදිංචිවීම් වැලක්වීමට විධීමත් පියවර නොගත් නමුත් වර්තමාන රජය ඒ සඳහා අවශ්‍ය විධිමත් පියවර ගන්නා බවත් ජනතාවට අවශ්‍ය ආරක්ෂිත වාසස්ථාන ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවත් ප්‍රකාශ කළ අමාත්‍යවරයා මේ පිළිබඳ ජනතාව ද අවබෝධයෙන් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද අමාත්‍යවරයා අවධාරණය කළා.

Category: Video Gallery | Created by: | Hits: 5739

Search