වීඩියෝ ගැලරිය

×

අවවාදයයි

JUser: :_load: 615: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

සංවර්ධනය කරා යන ගමන මීට වඩා වේගවත් කළ හැකියි

“රට ගැන සිතා තීන්දු තීරණ ගන්නා විට ජනතාව, ඇතැම් ජනමාධ්‍ය, වෘත්තීය සමිති ඇතුළු පාර්ශවයන් සුබවාදීව කටයුතු කරනවානම්, සංවර්ධනය කරා යන ගමන මීට වඩා වේගවත් කළ හැකියි” “උසස් පෙළ විෂය ධාරාවට වෘත්තීය විෂයයන් 26ක් හඳුන්වා දීමේ නියාමන වැඩසටහන ද සැප්තැම්බර් මාසයේ සිට - අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ශීඝ්‍රයෙන් වෙනස් වන ලෝකය සමඟ එක්වන්නට අපේ අනාගත පරපුර සූදානම් කරවීම වෙනුවෙන් ඇතැම් තීන්දු තීරණ ගන්නා විට විවේචන සහ අකුල් හෙලීම් නවතා සුබවාදීව කටයුතු කළ හැකි පිරිසක් සිටිය හැකි නම් සංවර්ධනය කරා යන ගමන මීට වඩා වේගවත් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා. විශේෂයෙන්ම, ජනමාධ්‍ය, වෘත්තීය සංගම් සහ රටේ ජනතාව දූපත් මානසිකත්වයෙන් මිදී කටයුතු කිරීම සංවර්ධන අභියො‍්ග ජයගැනීමේ දී අත්‍යවශ්‍ය වන බවත් අමාත්‍යවරයා සඳහන් කළා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, අද (10) මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයේ සිව්මහල් ක්‍රීඩා සංකීර්ණයට මුල්ගල තැබීම සහ සුහුරු පන්ති කාමරයක් (SMART CLASS ROOM) විවෘත කිරීම වෙනුවෙන් පැවති උත්සව අවස්ථාවට එක්වෙමින්. පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ තීරණය ක්‍රියාත්මක කළ විට බොහෝ දෙනා ඊට විරුද්ධ වූ බවත්, නව තාක්ෂණය පාසල් සිසුන්ට හඳුන්වාදීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ව සිටි කාලයෙහි ලංකාවට පරිගණක ගෙන්වීම සම්බන්ධව ද මෙවැනි ම විරෝධතාවක් ඇතිවුව ද එහි ප්‍රතිලාභ අද වනවිට මුලු රටට ම ලැබී ඇති බවද, ගතානුගතික ආකල්පවලින් බැහැරව කාලානුරූපීව වෙනස්වන්නට නොහැකි වුවහොත් විනාශයට පත්වන්නට සිදුවන බවද මෙහි දී අමාත්‍යවරයා අවධාරණය කළා. උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ මූලික නියාමන වැඩසටහන සහ වසර 13ක අඛණ්ඩ පාසල් අධ්‍යාපනයක් සියලු පාසල් දරුවන්ට ලබාදීම සහතික කරමින් සාමාන්‍ය පෙළ අසමත් වූ සිසුන් සඳහා උසස් පෙළ විෂය ධාරාවට වෘත්තීය විෂයයන් 26ක් හඳුන්වා දීමේ නියාමන වැඩසටහන ද සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කෙරෙන බව වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා පැවසුවා. විශ්වයේ අභියෝග ජයගත හැකි දරුවන් පාසල් පද්ධතිය තුළින් ගොඩනැගීමට නම් සෑම දෙමව්පියෙක් ම සෑම ගුරුවරයෙක් ම ස්වකීය පංචේන්ද්‍රියන් පැරණි වුවත් චින්තනය වෙනස් කර, ආකල්ප වලින් තරුණ විය යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළා. මෙම අවස්ථාවට ජාතික පාසල් අධ්‍යක්ෂ ජයන්ත වික්‍රමනායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

Category: Video Gallery | Created by: | Hits: 14156

Search