වීඩියෝ ගැලරිය

×

අවවාදයයි

JUser: :_load: 615: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

පාසල් පවිත්‍රතා වැඩසටහන

ඩෙංගු මර්ධන පාසල් පවිත්‍රතා වැඩසටහනට සහභාගි වෙමින් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා නිරන්තරයෙන් තම අවට පරිසරය පවිත්‍රව තබාගැනීම සඳහා කටයුතු කිරීම පාසල් දරුවන් ඇතුලු සියලු පුරවැසියන්ගේ ජීවන පුරුද්දක් වශයෙන් පැවතිය යුත්තක් බව අවධාරණය කළා. පාසල්වල ජලය රැඳෙන ස්ථාන පිළිසකර කිරීමට අවශ්‍ය පියවර ගැනීමට උපදෙස් ලබා දී ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා මැසි මදුරුවන් බෝ නොවීම සඳහාත් පාසල් පරිශ්‍ර පරිසර හිතකාමී ප්‍රියජනක ස්ථාන ලෙස සකස් කිරීමටත් විශේෂ වැඩසටහනක් අරඹා ඇති බවද සිහිපත් කළා.ඒ අනුව ප්‍රදේශයේ පවතින භූ විෂමතාවයන්ද සැලකිල්ලට ගනිමින් ප්‍රධාන සැලසුමකට (Master plan) අනුව සියලු ඉදිකිරීම් සිදු කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා. පාසල් දරු දැරියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක මෙම පාසල් පවිත්‍රතා වැඩසටහනට සහයට දැක් වූ සියලු දෙනාට අමාත්‍යවරයා මෙහිදී සිය ස්තුතිය ද පලකළා.

Category: Video Gallery | Created by: | Hits: 13989

Search