වීඩියෝ ගැලරිය

×

අවවාදයයි

JUser: :_load: 615: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

පාසල් යා යුතු වයසේ පසුවන එහෙත් පාසල් නොයන දරුවන් ගැන විශේෂ කරුණු පැහැදිලි කිරීමක්

· ජාත්‍යන්තර සාක්ෂරතා දිනය කේන්ද්‍ර කර ගනිමින් පාසල් යා යුතු වයසේ පසුවන එහෙත් පාසල් නොයන දරුවන් වෙනුවෙන් වැඩසටහන් රැසක් · විශේෂ අධ්‍යාපන ගුරුවරුන් 831ක් බඳවා ගැනීමට පියවර · කායික, මානසික හෝ වෙනත් ආබාධ සහිත දරුවන් වෙනුවෙන් සම්පත් හා තොරතුරු මධ්‍යස්ථානයක් · සියලු ම විශේෂ අධ්‍යාපන ඒකක අන්තර්කරණ සම්පත් මධ්‍යස්ථාන ලෙස වැඩිදියුණු කෙරේ‍ · ආබාධිත දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ඩිජිටල් තාක්ෂණික උපකරණ රටක් වශයෙන් ආර්ථික සමෘද්ධිය ඇති කර ගැනීමට 100% ක සාක්ෂර මට්ටමකට ශ්‍රී ලංකාව පත් කිරීමට හැකි සෑම උත්සාහයක් ම ගැනීම අධ්‍යාපන අමාත්‍යාංශයේ අධිෂ්ඨානය බවත් ඒ සඳහා කුමන හෝ හේතුවක් මත පාසල් නොයන දරුවන් පාසල් යැවීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා. ජාත්‍යන්තර සාක්ෂරතා දිනය ලෙස සැප්තැම්බර් 08 නම් කර ඇති අතර එය නිමිති කරගෙන අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇති වැඩසටහන් පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (30) උදෑසන අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ අදහස් ප්‍රකාශ කළා. කම්කරු දෙපාර්තමේන්තුවේ ඉල්ලීමක් පරිදි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව “ළමා ක්‍රියාකාරකම් සමීක්ෂණය 2016” නමින් සමීක්ෂණයක් සිදුකර 2017 පෙබරවාරි මස එම වාර්තාව එළි දක්වා තිබෙනවා. එම වාර්තාව අනුව 2016 වර්ෂයේ දී වයස අවුරුදු 5-17 අතර ළමුන් සංඛ්‍යාව මිලියන 4.6ක් වන අතර එම කාලය තුළ පාසල් නොගිය ළමයින් සංඛ්‍යාව 452,661ක් බව එම වාර්තාව සඳහන් කර තිබෙනවා. මේ පිළිබඳ ඇතැම් මාධ්‍යවල පළ වූ වාර්තාවලින් නිවැරදි අදහස පැහැදිලි නොවු බව සඳහන් කළ අමාත්‍යවරයා, ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළා.

Category: Video Gallery | Created by: | Hits: 4924

Search