වීඩියෝ ගැලරිය

×

අවවාදයයි

JUser: :_load: 615: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

2016 10 04 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල

ශ්‍රී ලාංකාවට ජාතික මට්ටමේ ක්‍රීඩක, ක්‍රීඩිකාවන් බිහිකිරීමට අඩිතාලම සකස් කරන්නවු තරගාවලියක් ලෙස සැලකෙන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල, මේවන විට සාර්ථකව පැවැත්වෙමින් පවති. ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව 1984 වර්ෂයේදි ආරම්භ වුනු මෙම තරගාවලිය, පාසල් ක්‍රීඩා පිටියේ දක්ෂතා දක්වන විශිෂ්ඨයින් ජාතික තලයට ඔසවා තබන්නාවු තවත් එක් තරගාවලියක් පමණක්ම නොවන්නේ පුරා දින 05ක් දිවෙන ජාතික මට්ටමේ එකම ක්‍රීඩා තරගාවලිය ලෙස සමස්ත ලංකා ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයට එක්වී තිබීම හේතුවෙනි. එදා මෙදා තුර ශ්‍රී ලංකා ජාතික සංචිතයන්වලට ජාතික මට්ටමේ විශිෂ්ඨ ක්‍රීඩකයින් බිහිකිරිමට සමත් වුනු මෙම තරගාවලියෙන් බිහිවූ ක්‍රීඩකයින් ලෙස සුසන්තිකා ජයසිංහ, ශ්‍රියානි කුලවංශ, සුගත් තිලකරත්න සහ එකි මෙකි නොකි පුද්ගලයින් රාශියක් ඇතුලත් කල හැකි. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 32වැනි වරටත් පවත්වනු ලබන මෙම තරගාවලිය අදියර 04ක් ඔස්සේ පැවැත්වෙන අතර ක්‍රීඩා 27 සඳහා අදියර 03ක් යටතේ තරගාවලි උතුරු හා නැගෙනහිර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලදි මේවන විටත් පවත්වා අවසන්ය. දිවයිනේ පලාත් මට්ටමින් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් 2684ක් සහ ක්‍රීඩිකාවන් 2437 වශයෙන් පාසල් 1452ක සහභාගීත්වයෙන් තරගාවලිය පැවැත්වෙන අතර සිවුවන අදියර මලල ක්‍රීඩා තරගාවලිය ඔක්තෝම්බර් 13 සිට 17 දක්වා පුරා දින 05ක් මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. ඔක්තෝම්බර් 13 වැනිදා පැවැත්වෙන සමාරම්භක උත්සවය, ප්‍රධාන ආරාධිත අමත්තා වන ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ සම්භාවනීය අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන අතර උළෙලේ ගිනි සිළුව රැගෙන යෑම, ගිය වසරේ දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව වුනු රෝෂාන් ධම්මික රණතුංග සහ රැමේෂිකා රත්නායක යන ක්‍රීඩකයින් විසින් සිදු කිරීමට නියමිතව ඇත. මෙවර ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ක්‍රීඩකයින් ඇතුළුව විනිසුරුවරුන් සහ අනෙකුත් ඉහල පෙලේ නිළධාරීන් සඳහා අමාත්‍යාංශයේ සහ අනුග්‍රාහකයින්ගේ සහයෝගයෙන් සියළුම පහසුකම් සැපයීමට ආමාත්‍යාංශය කටයුතු සූදානම් කර ඇති බව ද වාර්තා වේ. මෙම තරගාවලියේදි දක්ෂතම ක්‍රීඩකයින් 60 දෙනෙකුට ලංකා බැංකුවේ අනුග්‍රාහකත්වයෙන් රු.20 000 බැඟින් ප්‍රදානය කරනු ලබන අතර ශූරයින් සහ අනුශූරයින් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් වලින් අභිශේක ගැන්වෙන අතර ඉන්පසුව විවිධ කාණ්ඩයන් ඔස්සේ දක්ෂතා දක්වනු ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වර්ණ ප්‍රදානය කිරීමත් සහ සහතික පත්‍ර ප්‍රදානය කිරීමත් සිදුකරන බව ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩා මූලස්ථානයේදි අද පැවති මාධ්‍ය සාකච්ඡාවේදි අනාවරණය කෙරිනි. මෙම මාධ්‍ය සාකච්ඡාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අකිල විරාජ් කාරියවසම් ඇතුළු සම්භාවනීය අමුත්තන් කිහිප දෙනෙකු සහභාගී වුනු අතර සභාව ආරම්භ කරමින් දේශණය පැවැත්වූ ක්‍රීඩා අමාත්‍ය තුමන්ගේ විශේෂ උපදේශක සුනිල් ජයවීර මහතා ප්‍රකාශ කර සිටියේ, “වයස අවුරුදු 15න්, 17න්, 19න් සහ 21න් පහල ලෙස මෙවර තරගාවලියේදී තරග පැවැත්වෙනු ලබන අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ අනුග්‍රාහකත්වය ඇතිව මෙවරද තරගාවලිය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි. තවද මෙම තරගාවලිය ජාත්‍යන්තර සහ ඔලිම්පික් තරග සම්මතයන්ට අනුව සංවිධානය කරනු ලබන අතර ශ්‍රී ලංකා ජාතික සංචිතය දක්වා ක්‍රීඩකයින්ට ගමන් කිරීමට මෙම තරගාවලිය මඟින් පාසල් ක්‍රීඩා පිටියේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්තාව සැලසෙන බවත්” හෙතෙම වැඩිදුරටත් සඳහන් කරන ලදි. ඉන්පසුව සභාව ඇමතු අකිල විරාජ් කාරියවසම් අමාත්‍ය තුමා පවසා සිටියේ වර්තමානයේ යම් කිසි පසුබෑමකට ලක්ව තිබෙන්නා වූ මලල ක්‍රීඩාව දියුණු කරමින් 2018, 2019, 2020 වැනි වර්ෂයන් වලදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තරගවලට ක්‍රීඩකයින්ගේ සංචිත සැකසීමට මෙම තරගාවලිය මනා පිටුවහලක් වනු ඇති බවයි. තවද ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩාව නඟා සිටුවීම අරමුණු කරගනිමින් ක්‍රීඩා ගුරුවරුන් 5000ක් බඳවා ගැනීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාවක් සකස් කරනු ලබන අතර මෙමඟින් “ලඟම පාසල හොඳම පාසල” යන ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ ඇති කලාප 98ට එක් හොඳ ක්‍රීඩා පාසලක් ලබා දී එයට අවැසි සියළු පාහසුකම් සලසා දීම තුලින් දක්ෂ ක්‍රීඩා පාසල් සොයා කොළඹ එන ක්‍රීඩකයින් අඩු කිරීමටත්, නිසි පුහුණුවක් ලද ක්‍රීඩා ගුරුවරුන් ඇසුරින් ඔවුන්ට ක්‍රීඩාවේ නිවැරදි මං පෙත් විවර කරදෙමින් දක්ෂ ක්‍රීඩකයින් රටට දැයට දායද කිරීමට හැකිවනු ඇති බවත් ඔහු එහිදි අනාවරණය කරන ලදී. “මෙවරත් සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලට සත්කාරකත්වය දැරීමට හැකිවීම සම්බන්ධයෙන් අප සතුටට පත්වන බව” මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්වුනු නෙස්ට්ලේ ලංකා ආයතනයේ සහකාර උප සභාපති බන්දුල එගොඩගේ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලදි. තරගාවලියේ සමාප්තිය මේ මස 17වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු සභානායක, මහාමාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත.
Category: Video Gallery | Created by: | Hits: 17723

Search