බඳවා ගත් නව විදුහල්පතිවරුන්
අධ්‍යාපන ක්ෂේත්‍රයේ දිගුකලක් තිස්සේ පැවති විදුහල්පති පුරප්පාඩු අනුව, පසුගිය දා සුදුසුකම් සහිත නිලධාරීන් 3901 දෙනෙක් විදුහල්පතිවරුන් ලෙස පද්ධතියට අලුතින් බඳවාගනු ලැබුවා. එහෙත් ඇතැම් පළාත් සභා විසින් ඔවුන්ට විදුහල්පතිවරුන් ලෙසින් ම පත්වීම් ලබානොදීම කණගාටුවට කරුණක් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළා. විදුහල්පතිවරුන් ලෙසම මෙම පිරිස පත්කිරීම සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය පවා හිමිව තිබිය දී, ඇතැම් පිරිස් විසින් සිදුකරන මෙම අසාධාරණය හමුවේ අධ්‍යාපනය වෙනුවෙන් කෑගසන වෘත්තීය සමිති පවා නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම කණගාටුවට කරුණක් බවයි, අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. පසුගිය දා පාර්ලිමේන්තුවේ දී චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා විසින් නැඟූ පැනයකට පිළිතුරු ලබා දෙමින් මේ බව සඳහන් කළ අමාත්‍යවරයා, සිදුවන අසාධාරණයට එරෙහිව අධිකරණයට හෝ යාමට එම විදුහල්පතිවරුන්ට හැකියාව ඇති බව ද පැවසුවා.
Category: Video Gallery | Created by: | Hits: 15923