2016 12 01 අධ්‍යාපන පර්යේෂණ වෙනුවෙන් ගෙවීම් වැඩි කිරීමට සූදානම්
අධ්‍යාපන ක්ෂේත්‍රයේ පර්යේෂණ වෙනුවෙන් දැනට ලබාදෙන ගෙවීම් වැඩි කිරීමට කටයුතු කිරීමට තමා සූදානම් බවත්, ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය හැකි ව්‍යාපෘති වෙනුවෙන් පර්යේෂකයින් යොමු විය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. ඒ සදහා අධ්‍යාපන පද්ධතියේ නිරතව සිටින සියලු දෙනාට ආරාධනය කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ අද (01) මහරගම ව්‍යවසායකත්ව හා කළමනාකරණ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පැවති පාසල් පාදක සාර්ථක ගුරු ව්‍යවහාර ප්‍රචලිත කිරීමේ ජාතික සම්මන්ත්‍රණයට එක්වෙමින්.
Category: Video Gallery | Created by: | Hits: 11323