"අනාගතයේ දවසක වර්තමානයේ පවතින මාධ්‍ය නිදහස පිළිබඳව යළිත් සිහිපත් කිරීමට සිදුවනු ඇති"

මුද්‍රණය

අනාගතයේ දවසක වර්තමානයේ පවතින මාධ්‍ය නිදහස පිළිබඳව යළිත් සිහිපත් කිරීමට සිදුවනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය මෙහෙයුම් ඒකකය සමාජගත කිරීම සඳහා අද (04) සිරිකොත මූලස්ථානයේ පැවැති වැඩසටහනකට සහභාගිවෙමින් මහ ලේකම්වරයා මේ බව සඳහන් කළා.

එහිදී එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දුන්නේ ඉහළ මට්ටමේ වැඩසටහන් රැසක් රජය ක්‍රියාත්මක කළ ද ඒ සම්බන්ධයෙන් ජනතාව නිසිලෙස දැනුවත් කිරීමට මාධ්‍ය අපොහොසත්ව ඇති බවයි.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.