පෞද්ගලික විශ්ව විද්‍යාල වලට එජාපයේ කැමැත්ත

මුද්‍රණය

akila front4ශ්‍රී ලංකාව තුල පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භකිරීමේ වැඩපිළිවෙලට විරෝධතාවයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂය පවසයි. එම විශ්ව විද්‍යාල මෙරට පිහිටුවීමේ දී විධිමත් වැඩපිළිවෙලක් තිබිය යුතු අතර දේශපාලන මැදිහත්වීම් වලින් තොරව ඒවා පවත්වාගෙන යා යුතු බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි. දේශීය විශ්ව විද්‍යාල පද්ධතිය ආරක්ෂාකර ගනිමින් පෞද්ගලික විශ්ව විද්‍යාලවලට ඉඩ ලබාදිය යුතු බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටී.