Video Gallery

×

Warning

JUser: :_load: Unable to load user with ID: 615

කුරුණෑගල රණවිරු සේවා ජාතික පාසල

ඊයේ (29) උදේ කුරුණෑගල රණවිරු සේවා ජාතික පාසලේ දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගි වූ අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ තෝමස් අල්වා එඩිසන් වැඩ බැරි සිසුවකු ලෙස පාසලේ ගුරුවරුන් විසින් සැලකු නමුත් නව නිර්මාණ දහසකට වඩා අධික ප්‍රමාණයකට පේටන්ට් බලපත්‍ර හිමි කරගැනීමට ඔහු සමත් වූ බවයි. එසේම තොමස් අල්වා එඩිසන් විදුලි බල්බය සොයාගැනීමට පෙර ඒ ගැන සිදු කළ පර්යේෂණ දහස් ගණනක් අසාර්ථක වුවත් ඔහු එයින් අධෛර්යට පත් නොවී කටයුතු කළ නිසා සාර්ථකත්වයට පත්වීමට හැකි වූ බව සිහිපත් කළ අධ්‍යාපන අමාත්‍යවරයා, අධෛර්යට පත් නොවී කටයුතු කිරීමට සිසු දරුවන් තුළ ආකල්ප ගොඩනගා ගත යුතු බවත් ඒ සඳහා විදුහල්පතිවරුන්, ගුරුවරුන් හා දෙමාපියන් මග පෙන්විය යුතු බවත් පැවසුවා.
Category: Video Gallery | Created by: | Hits: 16316