Video Gallery

×

Warning

JUser: :_load: Unable to load user with ID: 615

suraksha video 3

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මගපෙන්වීමත් යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත්ව මේ රටේ සෑම පාසල් දරුවෙක්ම ආවරණයවන පරිදි සෞඛ්‍ය රක්ෂණාවරණයක් ආරම්භ කර තිබේ. රක්ෂකයා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවය. වයස අවුරුදු 5 සිට 19 දක්වා වූ ඔබේත් මගේත් පාසල් යන වයසේ සෑම දරුවෙක්ම එම රක්ෂණයෙන් ආවරණය ලැබ සිටිති. රක්ෂණය එළි දකින්නේ “සදා සුරකිමු දැයේ දරුවන්...” යන තේමාවෙනි. එය “ සුරක්ෂා සිසු රක්ෂණය” නමින් නම් කර ඇත. අපේ රටේ පාසල් යන දරුවෝ ලක්ෂ හතලිස් පහක් වෙති. ඔවුහු පාසල් 11242 ක් තුළ අධ්‍යාපනය ලබති. රජයේ පාසල්, ආධාර ලබන පුද්ගලික පාසල්, ආධාර නොලබන පුද්ගලික පාසල්, ජාත්‍යාන්තර පාසල්, හා පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සංඝයාවහන්සේ ඇතුළු අවුරුදු 5 සිට 19 දක්වා වූ ලක්ෂ හතලිස් පහකට ආසන්න සිසු පිරිස එක මොහොතක එක්වර මේ රක්ෂණයේ ප්‍රතිලාභ හිමිකරුවෝ වී සිටිති.

Category: Video Gallery | Created by: | Hits: 5509