නවතම පුවත්

නිර්නායක පිළිනොගන්නා පළාත් දේශපාලඥයින් වගකිව යුතුයි

අධ්‍යාපන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී කියයි.

ඇතැම් ප්‍රදේශවල පාසල් දරුවන් පොල්අතු සෙවිළි කළ අඩු පහසුකම් සහිත ස්ථාන වල අධ්‍යාපනය ලබන කනගාටුදායක අවස්ථා තමන්ට වාර්තා වි ඇති බවත් එවැනි සිදුවීම් වලට පළාත් දේශපාලඥයින් සෘජුවම වගකිව යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේ දි ප්‍රකාශ කලා.

ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය හරහා අධ්‍යාපන අමාත්‍යාංශය දිවයින පුරා අඩු පහසුකම් සහිත පාසල් අංග සම්පූර්ණ පාසල් බවට පත් කිරීම වෙනුවෙන් ක්‍රියා කර ඇති බවත් ඒ සඳහා පාසල් තෝරා ගැනීමේ දී පිළිගත් නිර්නායක මත පදනම්ව එම කටයුතු සිදුකල යුතු බවත් සිහිපත් කල අමාත්‍යවරයා ඇතැම් අවස්ථාවල පළාත් දේශපාලන ඇඟිලි ගැසීම් හේතුවෙන් නිර්නායක කඩ කරමින් කටයුතු කිරීම මගින් මෙවැනි ගැටලු නිර්මාණය වීම කණගාටුදායක තත්වයක් බවත් සඳහන් කළා.

මෙම ගැටලුව සම්බන්ධයෙන් අදාළ පළාත් අධ්‍යාපන අධයක්ෂකවරුන්ගෙන් වාර්තා කැඳවා ඇති බවත් එවැනි සිදුවීම් සඳහා ඉදිරියේ දී දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරන බව ද අවධාරණය කලා.

Search