නවතම පුවත්

ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ ගංවතුර උවදුරෙන් හානි වූ පාසල්වලට තාක්ෂණ උපකරණ

ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ ගංවතුර උවදුරෙන් හානි වූ පාසල් 142කට තාක්ෂණ උපකරණ බෙදාදීමේ උත්සවයක් අද (14)අධ්‍යාපන අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

ඒ,අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්.

රුපියල් මිලියන 70කට අධික උපකරණ මෙහිදී බෙදා දෙනු ලැබුවා.

මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් තිස්ස හේවාවිතාණ මහතා ද එක්ව සිටියා.

Search