නවතම පුවත්

ජපන් සිසු සිසුවියන්ගෙන් සමන්විත දූත පිරිස අධ්‍යාපන අමාත්‍යතුමන් හමුවේ

ආසියානු පැසිපික් ළමා සමුළුවේ දූත කණ්ඩායම් හුවමාරු වැඩසටහන යටතේ ශ්‍රි ලංකාවට පැමිණි ජපන් සිසු සිසුවියන්ගෙන් සමන්විත දූත පිරිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා හමුවුණා.

ඒ අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී.

අමාත්‍යතුමන් එහිදී ඔවුන් සමග සුහද පිළිසඳරක යෙදෙමින් තමන් ජපානයේ දී ලද අත්දැකීම් පැමිණී සිටි සිසු සිසුවියන් සමග හුවමාරු කරගත්තා.

මෙහිදී සිසු සිසුවියන් සඳහා සමරු තිළිණ ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් පිරිනැමුණා.

Search