නවතම පුවත්

පාස්කු ඉරිදා අවාසනාවනන්ත සිද්ධියෙන් පාසල් දරුවන්ට සුරක්ෂා රක්ෂණ ප්‍රතිලාභ ලබා දීමේ විශේෂ වැඩපිළිවෙළක්

 අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

 පාස්කු ඉරිදා සිදු වූ අවාසනාවන්ත සිද්ධියෙන් විපතට පත් පාසල් දරුවන් සහ ඔවුන්ගේ මාපියන් වෙත රජයෙන් ලබාදෙන වන්දි මුදලට අමතරව සුරක්ෂා රක්ෂණාවරණයේ ප්‍රතිලාභ ඉතා ඉක්මනින්ම ලබා දීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

අමත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ වසරේ සුරක්ෂා රක්ෂණාවරණයේ ප්‍රතිලාභ දෙගුණ කිරීමට හැකි වී ඇති බැවින් එම පිරිසට යම් අස්වැසිල්ලක් ලබා දීමට එමඟින් හැකියාවක් ලැබෙනු ඇති බවයි.

එම සිද්ධියට මුහුණ දුන් දරුවන්ගේ තොරතුරු ලබා ගැනිම සදහා විශේෂ වැඩසටහනක් පාසල් ආරම්භ වූ පසු ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

Search