නවතම පුවත්

අධ්‍යාපන අමාත්‍යාංශයේ පහසුකම් පුළුල් කිරීම සඳහා අංග සම්පූර්ණ නව ශ්‍රවණාගාරයක්

අධ්‍යාපන අමාත්‍යාංශයේ පහසුකම් පුළුල් කිරීම සඳහා සිදු කෙරෙන කාර්යයන් අතර ප්‍රධාන අංගයක් වන නවීන පහසුකම්වලින් සමන්විතව නිර්මාණය කරන ලද අංගසම්පූර්ණ ශ්‍රවණාගාරය බත්තරමුල්ල පැලවත්තේ පිහිටි “ඉසුරුපාය” ගොඩනැගිල්ලේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් අද (12) විවෘත කෙරුණා.
ඉසුරුපායේ හත්වැනි මහලෙහි පිහිටි මෙම ශ්‍රවණාගාරය ආසන 300 කින් සමන්විතයි. මෙහි අභ්‍යන්තර පහසුකම් සම්පාදනය සඳහා පම්‍ණක් රුපියල් මිලියන 30 කට වැඩි මුදලක් වැයකර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩමුළු, සාකච්ඡා හා නිලධාරී රැස්වීම් යනාදිය සඳහා නවීන පහසුකම්වලින් සමන්විත ශ්‍රවණාගාරයක් සඳහා වසර ගණනාවක් පුරා පැවති අඩුපාඩුව මේ සමග අවසන් වූවා.




Search