නවතම පුවත්

ඉතිහාසයේ පළමු  වරට 'විභාග සහතික පත්' online ක්‍රමයට ලබා ගත හැකි අයුරු

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සහතික පත් ලබාගැනීමට  මේ වනතෙක් සිදුකෙරුණේ, විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණ අයදුම්කිරීම් මතයි.

මෙහි දී අයදුම්කරුවන්ට දිවයිනේ කවර ප්‍රදේශයක සිට හෝ විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට සිදුවීම, දිනපතා අයදුම්කරුවන් විශාල පිරිසක් පැමිණීම හේතුවෙන් සහතික පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය වෙනුවෙන් වැඩි කාලයක් ගතවීම වැනි ගැටළු මතුව තිබුණා. මේ තත්වයට පැහැදිලි විසඳුමක් ලබාදෙමින් ඩිජිටල් තාක්ෂණයේ සහාය මේ සඳහා ලබාගැනීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි මේ වනවිට වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබෙනවා.

ඒ,  මෙරට අධ්‍යාපන පද්ධතිය තුළට තවත් විප්ලවීය වෙනසක් එක්කරමින් ඉතිහාසයේ පළමුවරට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සහතිකපත් නිකුත් කිරීම online (මාර්ගගත) ක්‍රමවේදයට සිදුකිරීමයි. අධ්‍යාපන අමාත්‍යතුමන්ගේ  විශේෂ උපදෙස් මත විභාග දෙපාර්තමේන්තුව නවීකරණය කිරීම වෙනුවෙන් 2017 ඔක්තෝබර් මස පත් කළ විද්වත් කමිටුවේ විද්‍යාත්මක නිර්දේශ මත ක්‍රියාවට නංවන ලද ප්‍රතිපත්තිමය තීරණයක් අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.

ඒ අනුව, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සහතික පත් ලබාගැනීම වෙනුවෙන් විභාග දෙපාර්තමේන්තුවට පැමිණීම මින් ඉදිරියට අවශ්‍ය නොවන අතර, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ අලුතින් යාවත්කාලීන කරන ලද නිල වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ සහතික ඉතා පහසුවෙන් ලබාගැනීමට  අයදුම්කරුවන්ට අවස්ථාව ලබා දී තිබෙනවා.

මෙම වෙබ් අඩවියට පිවිසිය යුතු අන්දම සහ අදාළ සහතිකපත් ඇණවුම් කිරී‍ම, මුදල් ගෙවීම ඇතුළු සමස්ත ක්‍රමවේදය පියවරින් පියවර පහත දැක්වේ.

 

    • ·www.doenets.lkවෙබ් අඩවියට පිවිසෙන්න 
    • ·එහි ඇති Request for certificate වෙත පිවිසෙන්න
    • ·ඉදිරියට ගිය පසු Request certificate නමින් සඳහන්ව ඇති කොළ පැහැති කොටුව ක්ලික් කරන්න
    • ·ඉන්පසු ලැබෙන තිරයේ ජාතික හැඳුන්ම්පත් අංකය, ජංගම දුරකථන අංකය හා විද්‍යුත් තැපැල් ලිපිනයක් ඇතොත් එයද ඇතුලත් කරන්න.
      • එසැනින් ඔබගේ ජංගම දුරකථන අංකයට හා විද්‍යුත් තැපැල් ලිපිනයට OTP අංකයක් ලැබෙන අතර එය පද්ධතියට ඇතුලත් කල යුතුය.

ඉන්පසු ඔබට සහතිකපත් අවශ්‍ය විභාගය හා වර්ෂය තෝරා විභාග අංකය ඇතුලත් කරන්න.(2001සිට මේ දක්වා පැවති සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලට අදාළ  ප්‍රතිඵල සහතික පමණක් දැනට මේ යටතේ ලබාගත හැක)

  • ඉන්පසු ඔබගේ නම තිරයේ දිස්වන අතර, එහි නිරවද්‍යතාවය පරික්ෂා කරන්න.
    • ·කිසියම් ගැටළුවක් පවතීනම්, තිරයේ දිස්වන දුරකථන අංකවලට කථා කරන්න.
    • ·ඉදිරියට ගිය පසු විභාග සහතික පත් නිකුත් කරන ක්‍රම කිහිපයක් ඔබට හමුවන අතර, අවශ්‍ය සහතික පත් ප්‍රමාණය සහ නිකුත් කළ යුතු ආකාරය තහවුරු කරන්න.

 

  • සහතික පත්‍රය ගෙන්වාගත යුතු ක්‍රමය තෝරන්න.
  • ලියාපදිංචි තැපෑලෙන් ගෙන්වා ගන්නේ නම් ඊට අදාල තොරතුරු ලබාදෙන්න
  • ·SUBMIT” යන්න මගින් ඉදිරියට ගියවිට ඔබ විසින් ගෙවිය යුතු මුදල තිරයේ දිස් වේ.
  •   “Proceed to Payment” මගින් ගාස්තු ගෙවීමට පිවිසෙන්න.
  •  ණය කාඩ්පත්/හරකාඩ් පත් (Credit/Debit cards) හෝ ශ්‍රී ලංකා තැපෑල මගින් ගෙවීම් සිදුකල හැක.
  • ඉහත ක්‍රම දෙකෙහිදීම ඔබට “Reference Number” එකක් ලැබෙන අතර එය ඉදිරි කටයුතු සඳහා ලඟ තබාගන්න.
  • ඔබට ලැබෙන Reference Number එක භාවිතා කර තැපැල් කාර්යාලකට ගෙවීම් සිදුකල හැක.
  • තැපැල් කාර්යාලයකට ගෙවීම් සිදුකලහොත් “I Already Made the Payments” යන්න මගින් පද්ධතියට පිවිස එහි සඳහන් උපදෙස් පරිදි කටයුතු කරන්න.
  • ගෙවීම් සිදුකිරීමෙන් පසු ඔබගේ සහතික‍යට අදාල ප්‍රතිඵල තිරයේ දිස්වේ.ප්‍රතිඵල වල ගැටළුවක් පවතී නම් "“Incorrect Results"”මගින් ගොස් අදාල උපදෙස් පරිදි කටයුතු කරන්න
  • නැතහොත් “Proceed” යන්න තෝරන්න. උපරිම වශයෙන් පැය 48 ක් තුල ඔබගේ විභාග සහතිකය නිවසටම ලැබෙනු ඇත. (“Collection Method” ලෙස “by hand” යන්න තේරුවහොත් ඔබ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට පැමිණ සහතිකපත්‍රය ලබාගත යුතුය)
  • “Check Certificate Status” මගින් ඔබගේ සහතිකපත්‍රය ලබා ගැනීමට අදාලව පවතින තත්වය පරික්ෂා කල හැක.
  • “Public Results Verification” මගින් නිකුත් කරන ලද සහතික පත්‍රයක නිරවද්‍යතාවය සනාථ කර ගැනීම සිදුකරගත හැක.
    • මෙම සේවාව මගින් පහත සඳහන් විභාග සහතික පත් නිකුත් කෙරේ.

             - දේශීය අයදුම්කරුවන් සඳහා නිකුත් කරන සහතික

             - විදේශීය රටවල පදිංචි අයදුම්කරුවන් සඳහා නිකුත් කරන සහතික

             - විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහා යොමුකරන සහතික

             - ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලය සඳහා ඉදිරිපත් කරන සහතික.

            - ඇමෙරිකානු ග්‍රීන්කාඩ් සඳහා ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහා නිකුත් කරනු ලබන සහතික

    • දේශීය අයදුම්කරුවන්ට සහ විදෙස් රටවල පදිංචි ශ්‍රී ලාංකික අයදුම්කරුවන්ට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ඔස්සේ අදාල ලිපිනයට සහතිකපත් තැපැල් කෙරේ. එක් අයදුම්කරුවකුට එකවර එක් ලිපිනයකට පමණක් සහතික පත් තැපැල් කෙරේ.
    • විදේශ අමාත්‍යාංශය සඳහා යොමුකරන සහතිකපත් එම අමාත්‍යාංශයේ පරිගණක පද්ධතිය හා සම්බන්ධ වී සෘජුවම එම අමාත්‍යාංශයට යොමු කිරීමට කටයුතු කෙරේ. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරි‍යෙක් විසින් අදාල සහතිකපත්‍ර ඩිජිටල් ක්‍රමයට අත්සන් කර මෙම යොමුකිරීම සිදු කෙරේ. කෙටි පණිවුඩයක් මගින් අයදුම්කරු දැනුවත් කිරීමද සිදුවේ.
    • ඕස්ට්‍රේලියානු හෝ ඇමෙරිකානු තානාපති කාර්යාල සඳහා යොමුකරන සහතික විභාග දෙපාර්තමේන්තුව තුල මුද්‍රණය කර එය කෙටි පණිවුඩයක් මගින් අයදුම්කරුට දන්වනු ලැබේ. එම කාර්යාල වල නියෝජිතයකුට හෝ අයදුම්කරුට පැමිණ එම සහතික රැගෙන යා හැක.
  •            සහතිකපත් සඳහා පහත පරිදි ගාස්තු අය කෙරේ.

             -  සහතිකයක් සඳහා රු.600 ක් සහ එහි අමතර පිටපතක් සඳහා රු.300 ක් අය කෙරේ.

             -  තැපැල් ගාස්තු ලෙස දේශීය බෙදා හැරීම් සඳහා රු.100 ක් අය කෙරේ.

              - විදේශීය බෙදා හැරීම් සඳහා EMS සේවාවට අදාල ගාස්තු අයකෙරේ. EMS සේවාව නොමැති රටවල් සඳහා Airmail ඔස්සේ සහතිකපත්‍ර යවනු ලැබේ.

Search