නවතම පුවත්

පාසල් මට්ටමෙන් පැවැත්වෙන ප්‍රධාන විභාග වන පහ වසර ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලට අදාළ ප්‍රතිඵල නිකුත් කිරීමේ දී එය වසරේ නිශ්චිත දින වකවානු තුළ සිදුකිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

ශිෂ්‍ය ප්‍රගතිය පරීක්ෂා කිරීම වෙනුවෙන් පාසල්වල ක්‍රියාත්මක වූ පාසල පදනම් කරගත් ඇගයීම් ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ දී කොළ පිරවීම ගුරුවරුන් පීඩාවට පත්කරන්නක් බවට දිගින් දිගට ම මතු වූ අදහස් සැලකිල්ලට ගෙන ඒ වෙනුවට වඩා විධිමත් සහ පහසු ක්‍රමවේදයක් පාසල් පද්ධතියට හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

මීගමුව බන්ධනාගාර පරිශ්‍රයෙහි පිහිටා ඇති ඉපැරණි වෙඩි බෙහෙත් ගබඩාව ස්වභාවික ව්‍යසනයන්ට හසුව පසුගිය සමය තුළ ගරාවැටීමට ආසන්න තත්වයක පැවතුණා. රටේ ජාතික උරුමයන් සංරක්ෂණය කොට ඉදිරි පරපුර වෙත පවරා දීමේ ජාතික වගකීම වෙනුවෙන් ක්‍රියාවට නැංවෙන සුවිශේෂ වැඩපිළිවෙළ යටතේ මෙම වෙඩි බෙහෙත් ගබඩාව සංරක්ෂණය කිරීමට පසුගිය දා පියවර ගනු ලැබුවා.

රටක ආර්ථික, සමාජයීය සංවර්ධනය ඇතිකරන්නට නම් අධ්‍යාපනයේ විප්ලවයක් ඇති කළ යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය පදනම මේ වනවිටත් සකස් කර ඇති බවත්, දරුවන්ගේ අනාගතය වඩාත් යහපත් කිරීම වෙනුවෙන් සියලු දෙනා ම සාමූහිකව කටයුතු කළ යුතු බවත්, ඒ සඳහා ෆේස් බුක් පණිවුඩ, ලිපි, මගින් හෝ ඕනෑම ආකාරයකින් ඉදිරිපත් කරනු ලබන සියලු විද්වත් යෝජනා නිහතමානීව භාරගැනීමට තමා සූදානම් බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

කොරියානු ජනරජයේ මූල්‍ය ප්‍රදානයක් මත කුලියාපිටියේ ඉදි‍කිරීමට නියමිත තාක්ෂණ අධ්‍යාපනය පිළිබඳ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය සඳහා අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම අද(22) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුකෙරුණා. ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පී රාධක්‍රිෂ්ණන් මැතිතුමාගේ සහ කොරියානු ජනරජයේ විශේෂ නියෝජිත මැතිතුමාගේ සහභාගීත්වයෙන්.

වෙස් මුහුණු කර්මාන්තය, ලී කැටයම්, පිත්තල සහ ලෝහ වැඩ ඇතුළු විවිධ පාරම්පරික කර්මාන්ත හරහා අතීතයේ සිට ගොඩනැගී තිබුණු ජාතික උරුමයක් අප සතුව පැවති බවත් ඒවා නගාසිටුවීම කාලීන අවශ්‍යතාවක් බවත්, අධ්‍යාපනය තුළින් නව ලොවකට පා නඟන අතරතුර එම පාරම්පරික වටිනාකම් ද ආරක්ෂා කරගැනීමට අප විසින් පියවර ගත යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

ලෝක සාමූහික සමාජ වගකීම් සදහා වන (World CSR Day and CSR) සමුළුවේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සමාජ සංවර්ධනය සඳහා වූ දායකත්වය වෙනුවෙන් Outstanding Contribution to Social Development සම්මානයට පාත්‍ර වුණා.

ලංකාවේ පාසල් දෙකක් වෙත ඩිජිටල් තාක්ෂණ උපකරණ සහිත පහසුකම් සහිත පන්ති කාමර (02) දෙකක් ලබාදීමට ඉන්දියානු MBD සමූහ ආයතනය එකඟත්වය පළ කර තිබෙනවා. එම පන්ති කාමර ස්ථාපිත කිරීමට අදාළ නිල වැඩසටහන පසුගිය දා (06) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වුණා. ඒ, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සහ ඉන්දියානු MBD සමූහ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මොනිකා මල්හෝත්‍රා මහත්මිය ඇතුළු ඉන්දීය නියෝජිත පිරිසකගේ සහභාගීත්වයෙන්.

පසුගිය කාලයේ පාසල් ක්‍රීඩා නිලධාරීන් විදෙස් තරඟ සංචාර ස‍ඳහා සහභාගි වු ආකාරය සහ පාසල් ක්‍රීඩකයින් තරඟ සංචාර සඳහා සහභාගි කරවූ ආකාරය පිළිබඳව ද විශේෂ විමර්ශනයක් සිදු කර වාර්තාවක් ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

ඊයේ ‍කොළඹ ප්‍රධාන පෙළේ ජාතික පාසල් තුනකින් වාර්තා වූ ගැටුම් පිළිබඳ සහ එළඹෙන ක්‍රිකට් තරගවලදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරිවසම් මහතා විසින් කොළඹ ප්‍රධාන පෙළේ ජාතික පාසල් කිහිපයක විදුහල්පතිවරුන් අද (16) හදිසි රැස්වීමක් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත කැඳවා තිබුණා.

Search