නවතම පුවත්

ජාත්‍යන්තර දැනුම ලබාගැනීම දිරිගැන්වීමට ආනයනික පොත් බදුවලින් නිදහස්. හොඳ පොත් කියවීම සඳහා දරුවන් උනන්දු කරවීමට වැඩි අවධානයක් යොමු කළ යුතුයි. - අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

15542381 10154881533814060 5736135609022507441 n

හොඳ පොත් කියවීම සඳහා දරුවන් උනන්දු කරවීමට වැඩි අවධානයක් යොමු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා. ඒ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී අද (14)  පැවති ජාතික කියවීම් මාසය නිමිති කරගෙන ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩලය විසින් සංවිධානය කළ ප්‍රධාන උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්.

වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා, ළමයින් තුළ කියවීම සදහා පෙළඹවීම් ඇතිකිරීමට නිර්මාණාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දුන් අතර  2017 අයවැය යෝජනා මගින් ආනයනය කරනු ලබන පොත්පත් සදහා සියලු බදු  නිදහස් කර ඇත්තේ ජනතාව අතර  ජාත්‍යන්තර පොත්පත් පරිශීලනය දිරිමත් කිරීමට බව ද සිහිපත් කළා. මෙහිදී පොත් ප්‍රකාශනය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු  කළ  ආයතන ද අමාත්‍යවරයාගේ විශේෂ ඇගයීමට ලක් වුණා.

මෙහිදී 2015 වර්ෂයේහොඳම කියවීම් ප්‍රවර්ධන වැඩසටහන් ඉටුකිරීම,හොඳම පාසල් පුස්තකාල,විශිෂ්ඨතම පුස්තකාල සංරක්ෂණ මධ්‍යස්ථාන සහ පළාත් පාලන මට්ටමින් ක්‍රියාත්මක හොඳම පුස්තකාල සඳහා සම්මාන හා සහතික පත් පිරිනැමුනු අතර ග්‍රාමීය පුස්තකාල සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ අඩුපහසුකම් සහිත දුෂ්කර ග්‍රාමීය පුස්තකාල සංවර්ධනය කිරීමේ අරමුණින් පුස්තකාල 10 ක්  සඳහා අවශ්‍ය පොත්, ලී බඩු සහ උපකරණ කට්ටල ලබාදීම ද සිදුවුණා.

Search