නවතම පුවත්

ජාතික පාසල් 26 ක් සඳහා රුපියල් මිලියන 75 ක් වටිනා පරිගණක හා ඒ ආශ්‍රිත උපාංග පිරිනැමෙයි

15181193 10154823017659060 6398874584561347143 n
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය හදාරනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව මත පදනම්ව වසර 10 කට වඩා පැරණි පරිගණක විද්‍යාගාර පවතින තෝරාගත් ජාතික පාසල් 26 ක් සදහා පරිගණක හා පරිගණක ආශ්‍රිත උපාංග ලබා දීම අද (30) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදු කෙරුණා.

ඒ අනුව එක් පාසලක් වෙනුවෙන් පරිගණක 21 ක්, යූ.පී.එස්. 21 ක්, ජාලගත මුද්‍රණ යන්ත්‍රයක්, බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් (තිරය සමග), ශිෂ්‍ය පුටු 40 ක්, දේශක මේසයක් හා දේශක පුටුවක් මේ සඳහා අන්තර්ගත වන අතර පාසල් 26 ක් සඳහා මෙම උපකරණ කට්ටල ලබාදීමට වැය කර ඇති මුදල රුපියල් මිලියන 75 ක්.

මීට අමතරව පාසල්වල විදුහල්පතිවරුන් හා තොරතුරු තාක්ෂණ විෂය භාර ගුරුවරුන් සඳහා පරිගණක ප්‍රශස්ත මට්ටමින් භාවිත කිරීම සම්බන්ධයෙන් දැනුවත්කිරීම හා පරිගණක උපාංගවල පිරිවිතර ඇතුළත් නිල ලේඛනයක් ලබාදීම ද මෙහිදී සිදු වුණා.

මේ උත්සව අවස්ථාවට අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුලු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

Search