නවතම පුවත්

13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ වෘත්තීය පුහුණුව ලබන සිසුන් සඳහා රුපියල් 500ක දෛනික දීමනාවක් ලබාදීම ට අදාළ ව බැංකු පොත් ප්‍රදානය කිරීමේ අවස්ථාව..

13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ වෘත්තීය පුහුණුව ලබන සිසුන් සඳහා රුපියල් 500ක දෛනික දීමනාවක් ලබාදීම ට අදාළ ව බැංකු පොත් ප්‍රදානය කිරීමේ නිල උත්සවය අද (20) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

ඒ, අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්.

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරන සියලු සිසුන්ට ස්වකීය වසර දෙකක අධ්‍යයන කාලසීමාවෙන් ආයතනගත වෘත්තීය පුහුණුව ලබන මාස හයක කාලසීමාව තුළ දෛනික ව රුපියල් 500ක් බැගින් වන දීමනාවක් හිමි වන අතර, ඒ අනුව සිසුන්ට තම පුහුණු අවශ්‍යතා වඩාත් සක්‍රීය ව ඵලදායී ලෙස කරගැනීමට එය පිටුබලයක් වනු ඇත.

බොහෝ දියුණු රටවල් පාසල් අධ්‍යාපනය තුළ වෘත්තීය අධ්‍යාපනයට ප්‍රමුඛත්වය ලබා දුන් නමුත් ශ්‍රී ලංකාවේ එවන් නැඹුරුවක් නොපැවති බවත්, මේ නිසා රැකියා සහ අධ්‍යාපනය එකිනෙකට ගැළපීමෙහි ගැටළු පැවති බවත්, පාසල් මට්ටමේ සිට අනාගත වැඩලොවට ගැළපෙන ශ්‍රමසම්පත ගොඩනැගීමට හැකිවන අයුරින් න්‍යායික සහ ප්‍රායෝගික පුහුණුව සිසුන් වෙත ලබාදීමට අවස්ථාව සලසා දෙන්නට තීරණය කළේ මේ නිසා බවත් අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී සඳහන් කළේය.

සාම්ප්‍රදායික රැකියා කිහිපයක් ගැන සිහින මැවීම වෙනුවට අනාගත ලෝකයේ චලනයන් හඳුනාගනිමින් දරුවන්ට ඉදිරියට යන්නට 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන තුළින් අවස්ථාව සලසා දී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

වෘත්තීය පුහුණුව ලබන සිසුන් සඳහා රුපියල් 500ක දෛනික දීමනාවක් ලබාදීම ට අදාළ ව බැංකු පොත් ප්‍රදානය කිරීමේ නිල උත්සවයේ ඡායාරූප පහතින්.

Search