නවතම පුවත්

ලංකාවේ ප්‍රථම තාක්ෂණවේදී ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයට මුල්ගල තැබීම ඇතුළු   නව සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීම සහ ජනතා අයිතියට පැවරීමේ උත්සව මාලාවක් හෙට කුලියාපිටියේ දී....

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංවර්ධන ක්‍රියාදාමයෙහි ස්වර්ණමය පියවරක් සනිටුහන් කරමින්, කුලියාපිටිය මැතිවරණ කොට්ඨාසයේ ක්‍රියාත්මක කරන ලද සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පැවරීම සහනව සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සහ මැතිඇමතිවරුන් රැසකගේ සහභාගීත්වයෙන් හෙට (31)  දිනය පුරා උත්සවාකාරයෙන් පැවැත්වේ. මේ සඳහා වන මූල්‍ය ආයෝජනය රුපියල් මිලියන 23,593කි.

 මේ යටතේ කුලියාපිටිය, නාරංගල්ලේ දී රුපියල් මිලියන 3000ක මූල්‍ය ආයෝජන සහි‍තව තාක්ෂණවේදය සදහා ගුරුවරුන් පුහුණු කෙරෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම තාක්ෂණවේදී ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයට මුල්ගල තැබීම සිදුකෙරේ. එමෙන් ම රුපියල් මිලියන 2,060 ක ආයෝජනයෙන් ඉදිකරන ලද, වයඹ විශ්වවිද්‍යාලයේ නව වෛද්‍යපීඨය විවෘත කිරීම, රුපියල් මිලියන 17,650ක ආයෝජනයෙන් කුලියාපිටියේ මූලික රෝහල,ශික්ෂණ රෝහලක් බවට පත් කිරීමට ඉදිවන ගොඩනැගිලි සඳහා සහ කුලියාපිටිය ශික්ෂණ රෝහලේ ඔසුසල ගොඩනැගිල්ල සඳහා මුල් ගල තැබීම ද මෙදින සිදුකෙරේ.

මීට අමතරව, කුලියාපිටිය බෝවත්ත මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම සඳහා මුල් ගල තැබීම සහ ඉලුක්හේන බෙරි වැව කාපට් මාර්ගය විවෘත කිරීම, කුලියාපිටිය නගරයේ පොදු වෙළඳසංකීර්ණ ගොඩනැගිල්ල සහ පුස්තකාල ගොඩනැගිල්ල සඳහා මුල් ගල තැබීම, කුලියාපිටිය බස් නැවතුම්පල ඉදිරිපිට උමං මාර්ග පද්ධතිය විවෘත කිරීම ඇතුළු සංවර්ධන කාර්යයන් රැසක් මීට ඇතුළත් ය.

Search