නවතම පුවත්

කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරිම සහ සෙසු ගොඩනැගිලි අලූත්වැඩියාව සඳහා රුපියල් මිලියන 33 ක මුල්‍ය ප‍්‍රතිපාදනයක්

14900
පසුගියදා (28) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති අලිමංකඩ දුම්රියපොළ විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් සිටි අතරතුර අමාත්‍යවරයා කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවට එක්වුණා.

ගොඩනැගිල්ලක් නොමැතිව ප‍්‍රධාන ශාලාවකත්, තවත් ස්ථාන කිහිපයකත් පන්ති කිහිපයක් පවත්වා ගෙන යන කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයට නව තෙමහල් ගොඩනැගිල්ලක් ලබා දීමට සහ සෙසු ගොඩනැගිලි අලූත්වැඩියාව සඳහා පියවර ගන්නැයි අමාත්‍යවරයා මෙහිදී නිලධාරින්ට උපදෙස් ලබා දුන්නා. මේ සඳහා වෙන් කරන ලද මුදල රුපියල් මිලියන 33 ක්.

උතුරේත් දකුණේත් සියලූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නගා සිටුවීම සඳහා තමන් හැකි සෑම පියවරක්ම ගන්නා බව ද සිහිපත් කළ අමාත්‍යවරයා පාසලේ විශේෂ අමුත්තන්ගේ සමරු සටහන් පොතෙහි සටහනක් තැබීමට ද අමතක කළේ නැහැ.
මෙම අවස්ථාවට ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා, ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය ඇතුලූ පිරිසක් එක්ව සිටියා.

Search