නවතම පුවත්

ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ පාසල් ව්‍යාපෘති 500ක් සිසු අයිතියට පත් කෙරේ ....

“අගමැතිතුමන්ගේ අප්‍රතිහත මගපෙන්වීම සහ සහයෝගය නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ බොහෝ දේකරන්නට අපට හැකිවුණා” - අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම්

පසුගිය ආණ්ඩු සමයෙහි විවිධ ස්ථානවලවිවිධ ව්‍යාපෘති වෙනුවෙන් මුල්ගල් තැබීම් සිදුව පැවති නමුත් ඒවායේ ඉදිකිරීම් සඳහා මුදල් වෙන්කර නොතිබූ බවත්, අධ්‍යාපනය වෙනුවෙන් ඉතිහාසයේමේ දක්වා සිදුකළ දැවැන්ත ම මූල්‍ය ආයෝජනය සිදුකරමින් විශාල ව්‍යාපෘති සමූහයක් රටේපාසල් පද්ධතියට දායාද කරන්නට හැකිවූයේ, ළඟම පාසල හොඳම පාසල වැඩසටහන ප්‍රමුඛසංවර්ධන වැඩසටහන් යටතේ මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට අගමැතිතුමන්ගෙන් ලැබුණු සහයෝගය හා මඟපෙන්වීම නිසා බවත් අධ්‍යාපන අමාත්‍ය,නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, අධ්‍යාපනයේමෑතකාලීන ව ක්‍රියාවට නංවන ලද විප්ලවීය අධ්‍යාපන ක්‍රියාමාර්ග අතර තවත් වැදගත්සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ළඟම පාසල හොඳම පාසල වැඩසටහනේ තෙවැනි පියවර යටතේ එකම දිනක නව පාසල් ගොඩනැගිලි 500ක් සිසු අයිතියටපත්කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්අද (09) කහතුඩුව, වෙනිවැල්කොළ ‘ශිෂ්‍යෝදා විශේෂ හා අන්තර්කරණ අධ්‍යාපනය’ පිළිබද ජාතික ආයතනයේ දී මෙම උත්සවය පැවැත්විණි. දිවයින පුරා එකම දිනක පාසල්ගොඩනැගිලි 500ක් සිසු අයිතියට පත්වන අද දවසේ ඒ හා සමගාමී ව ශිෂ්‍යෝදා විශේෂ හාඅන්තර්කරණ අධ්‍යාපනය පිළිබද ජාතික ආයතනය සිසුඅයිතියට පත්කිරීම ද අගමැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරිණි.

අධ්‍යාපනය වෙනුවෙන් විශාලතම මූල්‍ය ආයෝජනය සිදුකර ඇත්තේ වත්මන් රජය විසින් බව දේශපාලන පක්ෂ භේදයකින් තොරව සඳහන් කළ හැකි බවත්,එහි දී ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 10%ක ප්‍රතිශතයක් නියෝජනය කරන විශේෂ අවශ්‍යතා සහිතදරුවන් වෙනුවෙන් රජය සුවිශේෂ මැදිහත්වීමක් සිදුකරන ලද බවත්, අද සිසු අයිතියට පත් කෙරෙන ශිෂ්‍යෝදාවිශේෂ හා අන්තර්කරණ අධ්‍යාපනය පිළිබද ජාතික ආයතනය එහි තවත් සාර්ථක ප්‍රතිඵලයක් බවත් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන්කළේය.

ළඟම පාසල හොඳම පාසල වැඩසටහන මගින් මෙවර එකවරසිසු අයිතියට පත්කෙරෙන පාසල් ගොඩනැගිලි 500 ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 10,000ක මූල්‍ය ආයෝජනයක්සිදුකර තිබේ. පහසුකම් සපිරි පාසල් පද්ධතියක් දැයේ දරුවන්ට ලබාදෙමින්, ග්‍රාමීයපාසල් අංග සම්පූර්ණ පහසුකම් සහිතව සංවර්ධනය කිරීම වෙනුවෙන් 2016 වසරේ සිට ආරම්භ කර ඇතිළඟම පාසල හොඳම පාසල සංවර්ධන වැඩසටහන යටතේ දිවයිනේ පාසල් 9,064ක ව්‍යාපෘති 18,000ක් යටතේ සංවර්ධන කටයුතුසිදුකෙරෙයි.

මෙහි සමස්ත මූල්‍ය ආයෝජනයරුපියල් මිලියන 65,000කි. දැනට ක්‍රියාවට නැංවෙන අධ්‍යාපන වැඩපිළිවෙළ ඉදිරිවසර 10 ක් පවත්වාගෙන යා හැකි නම්නිසැක ව ම රටේ හොඳ අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත වන බව ද, එම අභියෝගය භාර ගනිමින්, අධ්‍යාපනයසංවර්ධනය වෙනුවෙන් ඉතා සාර්ථක ව කටයුතු කරගෙන යාමට අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්මහතා දරන උත්සාහය හා කැපවීම අතිශයින් අගය කරන බව ද මෙහි දී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යරනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම පාසල් අධ්‍යාපන පද්ධතිය භෞතිකසම්පත්වලින් සම්පූර්ණ කිරීම මෙන් ම මානව සම්පත්වලින් සංවර්ධනය කිරීමට ද වැඩිමඅවධානය යොමු කරන ලද්දේ වත්මන්රජය බව ද අග්‍රාමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් අදහස් පළ කරමින් කියාසිටියේය.

ඉදිරියේ දී රටේ සෑම පාසලක ම සිටිය යුත්තේ,පුහුණු ගුරුවරුන් පමණක් බව ද, වාහනයක් පැදවීමට රියදුරු බලපත්‍රයක් තිබීම අනිවාර්යඅවශ්‍යතාවක් වන පරිද්දෙන් ම වසර 13ක් පන්ති කාමරය භාරගන්නා ගුරුවරයා පුහුණුවක්සහිත ගුරුවරයෙක් වීම අත්‍යවශ්‍ය වන බව ද ඒ වෙනුවෙන් රජය ක්‍රියාමාර්ග රැසක් ගෙනඇති බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

එමෙන් ම 21 වැනි සියවසේ දරුවන්ට20 වැනි සියවසේ අධ්‍යාපනය නොගැළපෙන බවත්, මේ නිසා අනාගත රැකියා වෙළඳපොළ අවශ්‍යතාසමඟ ගළපමින් අධ්‍යාපනය නවීකරණයට ලක්කිරීමට රජය පියවර ගෙන ඇති බවත් අග්‍රමාත්‍යතුමන්තවදුරටත් කියා සිටියේ ය.

Search