නවතම පුවත්

චීනයේ ෂැංහයි නුවර පැවැත්වෙන අධ්‍යාපන නිලධාරීන් සඳහා වන සම්මන්ත්‍රණයට සහභාගීවන විදුහල්පතිවරුන් 16 දෙනෙකු අධ්‍යාපන අමාත්‍යවරයා හමු වේ

චීනයේ ෂැංහයි නුවර පැවැත්වෙන අධ්‍යාපන සම්මන්ත්‍රණයකට (Seminar for Education administrators from developing countries)සහභාගීවීම සදහා දිවයිනෙන් පිටත්ව යන පසුගිය වසරේ අලුතින් පාසල් පද්ධතියට බඳවාගත් විදුහල්පතිවරුන් 16 දෙනෙකු අද (03) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මුණ ගැසුණා.

මෙම සම්මන්ත්‍රණය මැයි මස 07 වැනි දා සිට 27 දක්වා දින 20ක කාලයක් පුරා චීනයේ ෂැංහයි නුවර East China Normal University හි දී මෙම සම්මන්ත්‍රණය පැවැත්වීමට නියමිතයි.

රටේ අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කළ හැකිවන්නේ මානව සම්පත් නිසියාකාරව සංවර්ධනය කිරීම මඟින් වන අතර, ඒ සඳහා, රටේ සියලු පාසල් නඟාසිටුවීම වෙනුවෙන් ඇපකැපවී කටයුතු කරන දක්ෂ විදුහල්පතිවරුන් පිරිසක් රට තුළ නිර්මාණය කිරීම සදහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් හා මග පෙන්වීම මත වැඩසටහන් රැසක් අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාත්මක කර තිබෙනවා. එහි එක් පියවරක් ලෙස දේශීය මෙන්ම විදේශීය පුහුණු අවස්ථා විදුහල්පතිවරුන් වෙනුවෙන් ලබා දීම සිදු කෙරෙනවා.

මෙම පුහුණු වැඩසටහන සඳහා පිටත්ව යන විදුහල්පතිවරුන් පිරිස අධ්‍යාපන අමාත්‍යවරයා සමගින් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියා.

මෙම අවස්ථාවට අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා, අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන, මානව සම්පත් සංවර්ධන අධ්‍යක්ෂ එස් තිලකසිරි, විදේශ කටයුතු අධ්‍යක්ෂිකා කුමාරි පිරිස්යාල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක් වුණා.

Search