නවතම පුවත්

ගුරුගෙදර අඬහැරය අධ්‍යාපන අමාත්‍යාංශයේ බක් මහ උළෙල

“ගුරුගෙදර අඬහැරය” ලෙස නම් කර තිබූ අධ්‍යාපන අමාත්‍යාංශයේ 2017 අලුත් අවුරුදු උත්සවය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී අද (27) පැවැත්වුණා.

ලිස්සන ගහේ නැගීම, කොට්ට පොර, කඹ ඇදීම, පොල් ගෑම, පොල් අතු විවීම, ජන ගායනා, රබන් ගැසීම ආදී අංග රැසක් සහ අංගම්පොර සටන් කලා ප්‍රදර්ශනයක් ද ඇතුළත්ව සම්ප්‍රදායික ජන ක්‍රීඩා හා ජන කලාංගවලින් සමන්විතව පැවති ගුරුගෙදර බක් මහ උළෙලට අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් සියලුම දෙපාර්තමේන්තු, ආයතන මෙන් ම අමාත්‍යාංශයේ විෂයපථයට අයත් සෙසු ආයතනවල සියලු දෙනා සහභාගි වීම විශේෂත්වයක්. මෙම උත්සවයට අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන ඇතුළු අතිරේක ලේකම්වරුන් සහ මාණ්ඩලික නිලධාරීන් ද එක් වුණා.

Search