මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ පුරාවිද්‍යා වැඩබිම්වල සංරක්ෂණ කටයුතු වල තාවකාලික සහ අනියම් පදනම මත සේවයේ යෙදී සිටි සේවක මහත්ම මහත්මීන් 1660 දෙනෙකුගේ සේවය ස්ථිර කිරීමට අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පියවර ගෙන තිබෙනවා.
එම සේවකයන් අතරින් බොහෝ දෙනෙකු පසුගිය රජය සමයේ පිහිටුවාගෙන තිබු මිනිස් ශ්‍රම තැරව්කාර ආයතනයක් (මෑන් පවර්) හරහා කම්කරුවන් ලෙස සේවයට සම්බන්ධ වූවන්ය . අදාල සේවකයන් වෙත ගෙවන ලද දෛනික වැටුපෙන් එක් අයෙකුගෙන් රු.500ක පමණ මුදලක් අදාළ තැරව්කාර ආයතනය විසින් අසාධාරණ ලෙස ලබා ගනිමින් ඔවුන්ගේ ශ්‍රමය සුරා කෑමට ලක්කළ බවට ලැබුණු පැමිණිලි අනුව අමාත්‍යවරයාගේ ඍජු උපදෙස් මත එම සමාගම සමග පැවති සියලුම ගනුදෙනු නතර කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල පියවර ගනු ලැබුවා.
එමෙන්ම අදාළ සමාගම යටතේ සේවය කල කම්කරුවන් අතරින් අපේක්ෂිත සුදුසුකම් සහිත පිරිස් යළි සේවයට බඳවා ගැනීමට පියවර ගත් අතර ඔවුන් ස්ථිර සේවයට බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු වහා සම්පාදනය කරන ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.
ඒ අනුව ඔවුන් මැයි මස සිට ස්ථිර සේවකයින් ලෙස මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවයේ පිහිටුවීමට නියමිතයි.
මැයි දිනයේ රටේ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් සැබෑ ලෙසම සුරක්ෂිත කිරිමටත්, එක්සත් ජාතික පක්ෂය රටේ වැඩකරන ජනතාවගේ පක්ෂය බවත් තහවුරු කරමින් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිඳුන්ගේ ආශීර්වාදය සමගින් ජාතික සේවක සංගමයේ සභාපති අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මුලිකත්වයෙන් ගනු ලැබූ මෙම තීරණය එම සේවක මහත්ම මහත්මීන්ට මහත් අස්වැසිල්ලක් බවට පත්ව ඇත.
මේ පිළිබඳ අදහස් පලකළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කලේ මෙම සේවකයින් අතරින් ඇතැමෙකු උපාධිධාරීන් බවටද තමාට තොරතුරු ලැබී තිබූ බවයි.සේවකයින්ට තෘප්තිමත් බවින් යුතු ව රාජකාරී කටයුතු සිදු කිරීමට හැකි වතාවරණයක් නිර්මාණය කර දීම වෙනුවෙන් තමා නිරන්තර අවධානය යොමු කරන බවද පැවසූ අමාත්‍යවරයා , මෙරට අතීත උරුමයන් සංරක්ෂණය වෙනුවෙන් ඔවුන් දක්වන දායකත්වය ද ඇගයීමට ලක් කළා.