නවතම පුවත්

එ.ජා.ප.යේ හදවත ශක්තිමත් කිරීමට අකිලගෙන් නව වැඩසටහනක්

1959 වසරේ ඇරඹි ශ්‍රී ලංකාවේ තනි දේශපාලන පක්ෂයක් සතු විශාලතම වෘත්තීය සමිතිය වන එක්සත් ජාතික පක්ෂයේ ජාතික සේවක සංගමය ශක්තිමත් කරමින් සාමාජිකත්වය ඉහල නැංවීම, නව ජවයකින් වැඩබිමේ බලමුළු ඒකරාශී කිරීම සහ සමාජික සුබ සාධනය අරමුණු කරගනිමින් ජාතික සේවක සංගමයේ සභාපති නීතිඥ අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ නායකත්වය යටතේ නව වැඩසටහනක් දියත් කර තිබෙනවා.

දිවයින පුරා ශාඛා 400 කට වැඩිගණනක සාමාජිකත්වය 200,000 ඉක්මවන ජාතික සේවක සංගමය තුල අලුතින් කාන්තා සංගමයක් සහ තරුණ සංගමයක් ලෙස නව බලමුළු දෙකක් පිහිටුවීමටත්, එම සමිති ශාඛා දෙක වෙත ඒ ඒ ආයතන නියෝජනය කරමින් සාමාජිකයින් බඳවා ගැනීම සිදු කිරීමටත් පියවර ගෙන තිබෙනවා.

තරුණ පෙරමුණ වයස අවුරුදු 35 ට අඩු තරුණ නියෝජනයෙන් සවි බල ගැන්වෙන අතර වැඩ බිමේ කාන්තා ජවය කාන්තා සංගමය වටා කේන්ද්‍රකරගැනීම සිදුවනු ඇති. මෙම අනු සංගම් සදහා වෙන් වෙන් වශයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩල පිහිටුවීමටද සැලසුම් සකස් කර ඇති අතර මේ හරහා ජාතික සේවක සංගමයේ ශක්තිය තවදුරටත් වර්ධනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

මේ වන විටත් 100 කට අසන්න ශාඛා සංඛ්‍යාවක කාන්තා සහ තරුණ සංගම් ස්ථාපිත කර තිබෙනවා.

මෙම නව වෙනස්කම් මගින් එක්සත් ජාතික පක්ෂයේ හදවත බදු වැඩකරන ජතාවගේ බලය කේන්ද්‍රගතවූ ජාතික සේවක සංගමය නව ජවයකින් යුතුව ඉදිරියට ගෙන යාම අපේක්ෂා කරන අතර එමගින් සාමාජිකයන්ගේ වෘත්තීය අයිතිවාසිකම් මෙන්ම වැඩබිමේ ගැටළු සඳහා ස්ථිරසාර විසදුම් ලබාදීමට ද අපේක්ෂා කෙරේ.

විසි වසරකට ආසන්න කාලයක් මුළුල්ලේ දේශපාලන වශයෙන් විවිධ අසාධාරණයන් ⁣මෙන්ම ගැහැට විඳීමට සිදු වූ එක්සත් ජාතික පක්ෂයේ වැඩ කරන ජනතාව වෙනුවෙන් තවත් සුබ සාධන වැඩසටහන් රැසක් සහ සේවක අයිතීන් සුරක්ෂිත කිරීමේ නව වැඩපිළිවෙළක් ද දියත් කිරීමට අධ්‍යාපන අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් ජාතික සේවක සංගමයේ සභාපති නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ නායකත්වය යටතේ ජාතික සේවක සංගමය විසින් විශේෂ සැලස්මක් සකස්කර තිබෙනවා.

Search