නවතම පුවත්

පාසල් වල අධ්‍යාපනික සේවා සහ භෞතික සම්පත් පිළිබද ගැටළු අධීක්‍ෂණය කිරීම සදහා විධිමත් පාසල් සුපරීක්ෂණ යාන්ත්‍රණයක්

පාසල් වල අධ්‍යාපනික සේවා සහ භෞතික සම්පත් පිළිබද ගැටළු අධීක්‍ෂණය කිරීම සදහා විධිමත් පාසල් සුපරීක්ෂණ යාන්ත්‍රණයක් සැකසීමේ කටයුතු වේගවත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

පසුගිය දින කිහිපය තුල පාසල් සම්බන්ධව වාර්තා වූ භෞතික සම්පත් නිසි අයුරින් සංවර්ධනය නොවීම මෙන්ම අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සදහා බලපාන විධිමත් ගුරු තුලනක් පවත්වාගැනීමට නොහැකිවීම ආදී ප්‍රමුඛ ගැටළු මෙන්ම සිසුන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහල නැංවීම මුලික අරමුණු කර ගනිමින් මෙම පාසල් සුපරීක්ෂණ මණ්ඩලය කඩිනමින් ස්ථාපනය කිරීමට අමාත්‍යවරයා නියෝග කොට ඇත.

Search