පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානයක් ලෙස නම් කර ඇති වීර මොණරවිල කැප්පෙටිපොල නිලමේතුමන් ජීවත් වූ කැප්පෙටිපොල වලව්ව විනාශවීමේ අවදානමක පවතින බව සඳහන් වූ ප්‍රවෘත්තියක් අද (06) මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා.
මේ පිළිබඳව දැන ගත් වහාම ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් මොනරවිල කැප්පෙටිපොල අදිකාරම්තුමාගේ මිනිබිරියක වන ධනරංජනී මොනරවිල කැප්පෙටිපොල මහත්මියට අද (06) උදෑසන දුරකථනයෙන් ඇමතූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඒ සම්බන්ධයෙන් කරුණු විමසුවා. එසේම ඒ සම්බන්ධව ඉදිරියේ දී මතුවන ඕනෑම කරුණක දී තමා දැනුවත් කරන ලෙස ද අමාත්‍යවරයා ධනරංජනී මොනරවිල කැප්පෙටිපොල මහත්මියව දැනුවත් කළ අතර කැප්පෙටිපොල නිලමේතුමන් ජීවත් වූ වලව්වේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වහාම පියවර ගන්නා ලෙස මධ්‍යම සංස්කෘතික අරමුදල හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන්ට උපදෙස් ලබාදීමට ද පියවර ගනු ලැබුවා
චායාරූපය - keppitipola foundation