ඔබට අවශ්‍ය ආකාරයට ලෝකය වෙනස් කිරීමට නම් පළමුව එම වෙනස තමා තුළින්ම ඇති විය යුතු බව මහත්මා ගාන්ධි විසින් පවසා ඇති බවත් ඒ අනුව තිරසාර සංවර්ධනය සඳහා වන වෙනස තමා තුළින්ම ඇති කර ගත යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය (03) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දී පැවැති ‘තිරසර ලංකා ජාතික මංගල්‍යය’ ජාතික මහෝත්සවයට සමගාමීව පැවැත්වෙන අධ්‍යාපනික ප්‍රදර්ශනය නිමිත්තතෙන් පැවති උත්සවයකට එක්වෙමින්.
මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සංකල්පයක් අනුව කි‍්‍රයාත්මක වන වස විස නැති රටක් තුන් අවුරුදු සැලැස්මට සහ එක්සත් ජාතීන් විසින් ප්‍රකාශයට පත් කර ඇති තිරසර සංවර්ධන ඉලක්කවලට සමගාමීව සංවිධානය කරන ‘තිරසර ලංකා ජාතික මංගල්‍යය’ ජාතික මහෝත්සවය දින 05 ක් (මාර්තු 31-අප්‍රේල් 4) පුරා ක්‍රියාත්මකයි.
විවිධ තේමාවන් යටතේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේ දී මෙදින (අප්‍රේල් 3 වන දින) තේමාව වූයේ ‘‘හොඳ අත්තිවාරමක්’’ යන්නයි. ඒ අනුව දැනුවත් සමාජයක්, හරිත බලශක්තිය, ස්ත්‍රී පුරුෂ භේදයක් නැහැ, එක්ව පෙරට යන තේමාවන් කෙරේ අවධානය යොමු කර තිබුණා.
උත්සව සභාව ඇමතූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් පවසා සිටියේ අධ්‍යාපන අමාත්‍යාංශය තිරසාර සංවර්ධනය ඇති කිරීමේ වගකීම හොඳින් අවබෝධ කරගෙන සිටින අතර පාසල් දරුවන් තුළ තිරසර සංවර්ධනය පිළිබද ආකල්ප ඇතිකිරීමේ අරමුණින් ජාතික අධ්‍යාපන ආයතනය හරහා විෂයමාලා හා පෙළපොත් සකස් කිරීමේ කටයුතු වල ද නිරත වන බවයි. මීට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් දරුවන්ගේ යහපත් පෝෂණය ඇතිකිරීම පිළිබද අවධානය යොමු කරමින් පාසල් තුළ ක්‍රියාත්මක කිරීමට චක්‍රලේඛයක් හා උපදෙස් මාලාවක් ද සකස් කර විදුහල්පතිවරුන් වෙත යොමු කිරීමට මේ වන විටත් කටයුතු කර ඇති බවද ප්‍රකාශ කළා.
2015 වසරේ සැප්තැම්බර් මාසයේ පැවැති එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධනය පිළිබඳ මහ සමුළුවේදී ප්‍රකාශයට පත්කෙරුණු තිරසර සංවර්ධන ඉලක්ක වන දුප්පත්කම, ගොවිතැන,සෞඛ්‍ය, අධ්‍යාපනය, කාන්තාවන්ටසැලකීම, ජලය, බලශක්තිය, රැකියා, කර්මාන්ත, ඇති නැති පරතරය, ජනාවාස, පරිභෝජනය, දේශගුණික විපර්යාසය, සාගර, ජෛව විවිධත්වය, සාමය සහ පොදු වැඩපිළිවෙළක් සැකසීම යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි තිරසර ලංකා ජාතික මංගල්‍යය පැවැත්වේ. එක් එක් අදාළ අමාත්‍යංශ සහ විවිධ ආයතන විසින් ඉහත සඳහන් එම ඉලක්ක සඳහා වන සිය කි‍්‍රයාවලිය විදහා දැක්වෙන ඇසුරින් ප්‍රදර්ශන කුටි සකස් කර තිබෙනවා.