කුලියාපිටිය ප්‍රදේශයේ මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමේ වැඩසටහන් කිහිපයක් ඊයේ (02) දවස පුරා ගරු අධ්්යාපන අමාත්‍ය, කුරුණෑගල එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් නායක අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින්ගේ සහ ප්‍රදේශවාසී ජනතාවගේ සහභාගිත්වයෙන් පැවැත්වුණා.
එහිදී දැතවවත්ත මංසන්ධිය , පනාවිටිය මංසන්ධිය , දම්පටිය මංසන්ධිය යන ස්ථානවලදී කුඩා ජනහමු කිහිපයක්ද පැවති අතර ගාල්ලේගම මංසන්ධිය අවට මුල්ගල් තැබීමේ අවස්ථාවන් කිහිපයකට ද අමාත්‍යවරයා එක් වුණා. අනතුරුව ජනතාව ඇමතූ අමාත්‍යවරයා , ප්‍රදේශයේ පැවති ක්‍රිකට් තරගාවලියක ජය කුසලාන ප්‍රදානයකට ද එක් වුණා.